ගම දිනවලා දෙන්න…, මහින්ද අගමැති කරන වගකීම අපි බාර ගන්නම්

0

නුදුරේදිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කරවීමේ වගකීම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් භාර ගන්න බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.

ඔබේසේකරපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ගෙදර මිදුල වසර 150කට චීනෙකුට බදු දෙනවා. ඉස්සරහ කාමරේ වසර 35 කට ඉන්දියන්කාරයෙකුට බදුදෙනවා. වසර 150 කට කුස්සිය බංගලිදේශකාරයෙකුට බදු දෙනවා. අපිට මේක ආරංචි වෙනවා මොකද අපි කරන්නේ වහාම ගෙදරට ගිහිල්ලා බද්දට ගත්ත මිනිහව කනික් ඇදලා එලියට දාන්නේ නැද්ද? දානවා. දැම්මේ නැත්නම් අපිට ගේ ඉතුරු වෙන්නේ නෑ. එහෙමනම් මිත්‍රවරුණි වසර 05කට බලයට ඇවිල්ලා වසර තුනක් යනකොට මුළු රටම විදේශයන්ට විකුණනවා නම් අපි කළ යුත්තේ මේ පෙබරවාරි 10 වෙනිදාට මේ රට විකුණන හොර කල්ලිය කනින් ඇදලා එලියට දාන එක. ගමේ පොහොට්ටුව දිනවන්නේ තමුන්නාන්සේලා. ඒ ජයග්‍රාහි රශ්මිය පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරුවකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන ප්‍රතිඥාව අපි තමුන්නාන්සේලා දෙනවා.”

Udaya Gammanpila