ගෝඨාව හිරේ දාලා ඒකෙන් ගොඩ යන්නයි පවුලේ අය හැදුවේ…., ජනාධිපතිතුමායි බේරගත්තේ!

0

ගෝඨාභය රාජපක්ෂ සිරගත කොට ඒතුලින් දේශපාලන වාසියක් ලබා ගැනීම  සඳහා රාජපක්ෂ පවුල තුළ කුමන්ත්‍රණයක් පැවති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

දෙහිවල – ගල්කිස්ස ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“ජනාධිපතිතුමා අවුරුදු දෙකකට පස්සේ කඩුව කොපුවෙන් එලියට අරගෙන එතුමා දැන් වැඩ පටන් අරගෙන ඉන්නේ. බැදුම්කරේ බැටි එකයි, බෝලෙයි, කඩුවයි, කොපුවයි ඔක්කෝම දැන් නීතිපතිට දීලා තියෙන්නේ. දැන් නීතිපතිතුමා තමයි තීරණය කරන්න ඕන මේ බැදුම්කරේ වංචාවන්ට ලක් වෙච්ච අයට මොනවද කරන්න ඕන කියලා. අද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ගමේ ඇවිදින්න විදියක් නෑ. ගියාම අහනවා බැදුම්කරේ ට මොකද වුණේ කියලා. ඒ ගොල්ලෝ පාර්ලිමේන්තුවේ බලය ගත්තේ පහුගිය අපේ රජයට කරන්න ඕන අවමන් සේරම කරලා. ඇවිල්ලා පැය කිහිපයක් යන්න ඉස්සල්ලා කෝටි 1100 කට ගැහුවා. දැන් හදන්නේ නගර සභාවට ගහන්න. එක්සත් ජාතික පක්ෂයෙන් එන්නේ තමුන්නාන්සේලාගේ බඩු මුදල් වලට කෙලින්න.”

“තමුන්නාන්සේලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ආදරෙයි. අපේ යුද්ධය දිනවන්න මෙහෙයවපු අපේ හිටපු ආරක්ෂක ලේකම්වරයා. ඇයි එතුමා රට ඇරලා ගියේ මේ මැතිවරණය එනකොට රාජපක්ෂ පවුලේ අය කුමණ්ත්‍රණයක් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හිරේ දාලා ජනාධිපතිතුමාවයි අපවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි අපකීර්තියට පත් කරන්න ලොකු උත්සහයක් තිබුණා. මෙන්න කුමන්ත්‍රණ! බැරි තැන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂට කතා කරලා කිව්වා ‘ගෝඨාභය මුන් එකතු වෙලා කුමන්ත්‍රණය කරලා මන් නැති වෙලාවක ඔයාව හිරේට යවයි. ඒ නිසා ඔයා ගන්න තීරණ්යක් ගන්න කියලා.’ තමන්ගේ සහෝදරයාව හිරේට දාලා දේශපාලන වාසි ගන්නවා නම් මොකද්ද කරන්න වෙන්නේ. ඒනිසා තමයි එතුමා විදේශ ගත වුණේ,” ප්‍රධාන අමාත්‍යවරයා සඳහන්කර සිටියා.