දැන ගෙන කතා කරන්න ඕන…දන්නේ නැත්නම් අහගෙන කතා කරන්න ඕන….නීතිඥවරු දොස්තර වැඩේ කරලා බෑනේ

0

බැදුම්කර වාර්තාව හෝ එහි කොමසාරිස්වරුන්ගේ විශේෂඥබව පිළිබඳව කිසිදු ගැටළුවක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත් ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පුද්ගලයින් තමන්ගේ විෂය පථය දැන ගෙන කතා කළ යුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ (11) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“දැන් මේ කොමිසම යද්දි අපි දැක්කා සමහර සාක්ෂිකාරයොන්ට ආව තර්ජන. සමහර සාක්ෂි වසන් කරන්න හදපු හැටි. ඒ සාක්ෂි සඳහා අවශ්‍ය විධිවිධාන අරගෙන තමයි මේක ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත් කරන්න ඕන. මේ මතයේ ඉදගෙන තමයි නීතිපතිවරයා උපදෙස් දීලා තිබුණේ සතියක කාලයක් අවශ්‍යයි කියලයි. මේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරු කවුද? පලපුරුදු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු හා විශ්‍රාමික විගණකාධිපතිවරයෙක්. කවුරු හරි කියනවා නම් මේ අයට විශේෂඥ දැනුමක් නැත, පක්ෂග්‍රාහි කියලා එහෙනම් ඒක කරන්න තිබුණේ කොමිසම පත් කරපු අවස්ථාවේදී. මිනිමැරුම් නඩුවක තීන්දුව ගන්නේ කවුද නඩුකාරයාද නෑ ජූරි සභාවේ හත් දෙනා තමයි ගන්නේ. ඒනිසා තමන්ගේ විෂය පථය දැන ගෙන කතා කරන්න. නැත්නම් දන්න කෙනෙකුගෙන් අහගෙන කතා කරන්න. දැන් මම නීතිඥයෙක්නේ. මම ගිහිල්ලා දොස්තර මහත්තයෙක් කරන වැඩේ ගැන කතා කලොත් ඔය වැඩේනේ වෙන්නේ. අපි පක්ෂයක් හැටියට ඒ වාර්තාව සම්බන්ධයෙන් හා කොමසාරිස්වරුන්ගේ විශේෂඥ දැනුම සම්බන්ධයෙන් කිසිම ගැටළුවක් නෑ කියන එක මම පැහැදිළිව කියනවා. කෝප් කමිටුවට පුළුවන් උනාද අර හඩ පට ගෙනල්ලා පරික්ෂා කරලා බලන්න ටෙලිෆෝන් කෝල් කීයක් දීලා තිබුණද බලන්න. ගෙයක් අරගෙන කුලියට හිටියා කියන එක හොයන්න. ප්‍රකාශයක් කරන්න ඕන කමක් එන්නේ නෑනේ වාර්තාවක් ඉදිරිපත් කරන වෙලාවේ. වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ විවාදයක් තියනවා.”

“ඔනෑම කෝප් කමිටුවක තියන කරුණු නීතිපතිට යවනවා. නීතිපතිට යැව්වාට පස්සේ ඕවා සාක්ෂි බවට පත් කරන්නඕන.පොලිසියට බාර දුන්නා නම් එහෙම මේ සාක්ෂි ටික සටහන් කරන්න කියලා. sසමහර පොලිසියට අදාළ ආයතන වලින් නඩු පවරන හැටි දැක්කාම, B වාර්තා ගොනු කරන හැටි දැක්කාම, මිනිස්සුන්ව රිමාන්ඩ් එකේ තියාගන්න කියලා යෝජනා කරන හැටියට කොහෙන්ද නවතින්නේ කියලා හිතා ගන්න තිබුණා. අඩුම තරමේ මහ බැංකු අධිපතිව ඉවත් කරන්න තිබුණානේ තාවකාලිකව ඔච්චර ඕන කමක් තිබුණා නම්. නඩු පවරනවා නම් ඕන තරම් වෙලාව තිබුණා සාක්ෂි සටහන් අරගෙන. මම දැක්කා කියනවා මම අම් හිතන්නේ නෑ. ඒකත් යැව්වා අපි නීතිපතිට, නඩු පවරන්න කියලා, කෝ නඩු පැවරුවද?”

“පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන තැන නීති හදාගන්න දන්නේ නැති අය තමයි ගහ ගන්නේ. මන්ත්‍රිවරුන්ගේ හැසීරීම් පිළිබඳව එක එක දේශපාලන නායකයින්ගේ ප්‍රකාශ සහ අංග චලන පිළිබඳව ජනතාව සජීවි ලෙස ඊයේ දැක්කා. මේකට ශ්‍රි ලංනීපයට වගකියන්න බෑ. මොකද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තුන් දෙනයි හිටියේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කෝම ආගමික වතාවත් කරනවා ජය ශ්‍රි මහ බෝධිය ගාව.” අමාත්‍යවරයා පවසා සිටියා.

Susil Premajayantha