අපේ නායකයා මහින්දයි..! නායකයාගේ රූපේ අපි ගහන්නේ නැත්නම් කවුරු ගහන්න ද?

1

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැවින් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා ඔහුගේ ඡායාරූපය යොදා ගැනීමේ ඇති ගැටළුව කුමක්දැයි  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) බත්තරමුල්ල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“මේ රටේ ස්වෛරී බවය නැතිවීම පිලිබද ජාත්‍යන්තරය තුල අපේ රට හෑල්ලුවට පත්වෙලා තිබෙනවා.මර්දනය සහ තාම නිහඩව පලිගැනීම සිද්ධ වෙනවා ඉතා දරුණු ලෙස. මෙන්න මේ මූලික කරුනු පදනම් කරගෙන තමා අපි මැතිවරණ ව්‍යාපාරයට යන්නෙ.ජයග්‍රහණය අපිට අනිවාර්යෙන්ම හම්බෙනවා. පළාත් 7ක ජයග්‍රාහී මට්ටමින් ඉන්නවා.අපේ කොට්ඨාස වශයෙන් කිව්වොත් තියෙනව 5092ක්. ඒ කොට්ඨාස වලින් 70%ක් අපි ජයග්‍රහණය කරනවා. 3500කට අධික මන්ත්‍රීවරු පිරිසක් කොට්ඨාස වලින් අපිට ලැබෙනවා.පළාත් පාලන ආයතන වලින් 200ක් තමා අපේ ඉලක්කය වෙන්නේ.”

“පාර්ලිමේන්තුවේ මුල් තැන දිය යුත්තේ විපක්ෂයටයි.එහි වගකීම ඇත්තේ කතානායකවරයාට. මේ රටේ ඉතිහාසයේ ඒ වගේ කීර්තිමත් කතානායකවරු හිටියා.මන් හිතන්නෙ සම්පූර්ණම වගකීම කතානායක තුමාට හෝ ඒයුතුකම ඒ තැන් වලින් ඉෂ්ට උණේ නෑ කියන එකයි.මම හිතන්නෙ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් මේ වගේ හැසිරුනු අවස්ථාවක් මීට පෙර තිබිල නෑ. මම හිතන්නෙ මේ ඉතිහාසයෙත් නෑ. ඇවිල්ලා දින 100 ඉස්සෙල්ල දරුණුම සොරකම මේ ලංකා ඉතිහාසයේ සිද්ධ උණා. ඒක අපි නෙවෙයි කියන්නෙ.ඒකෙන් එක්සත් ජාතික පක්ෂෙට බෑ.මොකද මේ විදියට තව කාලයක් ගියොත් එහෙම මේ නායකයා යටතේ එක්සත් ජාතික පක්ෂය සම්පූර්නයෙන්ම විනාශ වෙනවා.”

“එවකට අපේ කාලයේ මහ බැංකු අධිපතිවරයා කියල තියෙනවා විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා.මන් වගකීමෙන් කියනවා අපේ කාලයේ ඒ වගේ දෙයක් සිද්ද උනේ නැ කියල.අපේ පක්ෂය මහින්ද චින්තනය පදනම් වුනු ප්‍රතිපත්ති වලට හැදුනු පක්ෂයක්. එහි නායකයා මහින්ද රාජපක්ෂ.ඉතින් අපි එතුමාගෙ ඡායාරූපයක් ඇරෙන්න වෙන කාගෙ ඡායරූපයක් පාවිච්චි කරන්නද?”

Basil Rajapaksa

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here