හම්බන්තොට ලුනු ලේවාය චීනයට විකුණන්නේ නෑ

0

හම්බන්තොට ලුනු ලේවාය චීනයට විකිනීමට වත්මන් රජය සූදානම් වන බවට ඇතැම් පිරිස් ව්‍යාජ ප්‍රචාර ගෙනයන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොට පල්ලෙමල්ල මන්සන්දියේ පැවැති ජනහමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පලකලා.

“මහින්ද රාජපක්ෂ සමයේ හම්බන්තොට ලේවාය ඉවර කලා. ලක්ශ 3000ක් බැංකු ඓරාවක් තිබුනා.හම්බන්තොට ලේවාය යහපාලන රජය යටතේ ලක්ශ 8000ක ලාභ ලබනවා කියන එක මන් සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.

“හම්බන්තොට ලේවාය ලාභ ලබලා, ලැබෙන ලාභෙන් මේ මුලු හම්බන්තොටටම ලක්ෂ ගනනින් රැකී රක්ශා ලබා දෙන්නට අපිට පුලුවන්කම ලැබෙන නිසා දැන් බොරුවට කතාවක් හදාගෙන යනවා ලේවාය විකුනනවා කියල.පැහැදිලි පොරොන්දුවක් ලබාදෙනවා, ලේවාය විකුනන්නෙ නෑ,ලේවාය විකුනන් කන්නෙත් නෑ.හැබැයි එක දෙයක් කරනවා,දහස් ගනනින් ලේවායේ පත්වීම් ටික අපි 10 වෙනිදායින් පස්සෙ පොදු ජනතාවට බෙදලා දෙනවා”