ජනපති,පාට,පක්ෂ නොබලා හොරුන්ට හොරු ලේබලය ගැහුවා…

0

පාට,පක්ෂ නොබලා හොරුන්ට හොරු ලේබලය ගැසීමට ජනාධිපතිවරයා පසුබට නොවූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගිය (11) දින හාලිඇල දී පැවති ජන හමුවකදී පැවසීය.

ඒ හේතුවෙන් අද එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය පළකරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල මුල්‍ය අපරාධ කොමිසමේ වාර්තාව මඟින් එජාපයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ හොරු එකින් එක අනාවරණ වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ අනුව දැන් පැහැදිලිවම හොරු නැති පැත්තක් තෝරන්නේ නම් තේරීම වියයුත්තේ බුලත් කොළය බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here