හොරු ටීම් දෙක කතා වෙලා ගහගත්තා….ජනතාවට ලක්ෂ 50ක් පාඩුයි!

0

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම රෙර සැළසුම් සහගත ගැටුමක ප්‍රතිඵලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (11) දික්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණා වාර්තා දෙකක්. එකක් තමයි ජනාධිපති කොමිසමේ මහබැංකු වාර්තාව, ඒ විතරක් නෙමෙයි බරපතළ මූල්‍ය වංචා පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තා 34 ක් දෙන්න තියනවා. දැන් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කාටද මහින්දගේ ටීම් එකටයි. රනිල්ගේ ටීම් එකටයි. අපිට ඉන්නේ ඉතින් 6යි නේ. ඒ ගොල්ලෝ කල්පනා කළා බැදුම්කරේ ගැන කතා කළොත් මහින්දට වාසියි. පරණ බැදුම්කර ගණුදෙණු ගැන කතා කළොත් රනිල්ට වාසියි. මේ දෙකම ගැන කතා කළොත් ජනතා විමුක්ති පෙරමුණට වාසියි. ඇයි දෙකම බඩු. ඒනිසා මොකද කළේ දෙකම කතා වුණා මරු වැඩක් කරමු කියලා. උබලා හූ කියපල්ලා, අපිත් හූ කියන්නම්. උබ හොරා කියන්නම් අපිත් හොරා කියන්නම්, උබ ගහපන්, අපිත් ගහගන්නම්. කතා වෙලා ගහ ගත්තා. 23 වෙනිදා කැදවන්න තිබුණ පාර්ලිමේන්තුව 10 වෙනිදා කැදෙව්වේ මේ වාර්තා දෙකගන්න. හැබැයි මොකද වුණේ වාර්තා ටික පාර්ලිමේන්තුවේ නෑ. දෙගොල්ලෝ ගහ ගත්තා. එතකොට හදිසියේ පාර්ලිමේන්තුව කැදෙව්වේ ගහ ගන්නද? මේ ඇත්තෙන් කෑ ගහනවා මහින්ද හොරා කියලා. අර ප් එත්තෙන් කෑගහනවා රනිල් හොරා කියලා. අපිත් නිකන් හෙමීට කිව්වා දෙගොල්ලෝම හොරු කියලා. ගහගන්න ඔනේ නෑනේ. ගෙයක් අස්සේ ගහගත්තම ගේ හිමියට පාඩුයි. පාර්ලිමේන්තුව අස්සේ ගහගත්තම ජනතාවට පාඩුයි. ඇයි ලක්ෂ 50 ක් යනවා දවසකට පාර්ලිමේන්තුව කැදවන්න. නිකම් ගුටි කෙලියක් නෙමෙයි ගියේ ලක්ෂ 50 ක ගුටි කෙලියක් ගියේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here