මම මේ පුටුවේ වැජඹෙන්න ආවේ නෑ….., අද උනත් යන්න ලෑස්තියි…!

0

කිසිදිනක ජනාධිපති පුටුවේ වැජඹීමට සිතා බලයට පත් නොවුනු තමාට ධූරකාලයේ ප්‍රමාණය පිළිබඳව කිසිදු ගැටළුවක් ඇති නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (12) පස්වරුවේ අකුරැස්ස ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“දැන් මේ දවස්වල ලොකු ඝෝෂාවක් නගනවා මම ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දුන්න මගේ නිලකාලය ගැන මත විමසුම ගැන. මීට අලින් හිටපු ජනාධිපතිවරුත් ඔය මතව් මසුම ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වා. ඒ සියළු දෙනාට වඩා 19 වන සංශෝධනය යටතේ මගේ නිල කාලය ගැන රටේ මත දෙකක් තියනවා. නීති අංශවල මත දෙකක් තියනවා. උගතුන් අතර මත දෙකක් තියනවා. රටේ සංවර්ධනය ගැන සැළසුම් හැදීමේදි මගේ නිල කාලය තුළ කරට්යුතු සැළසුම් සකස්කර   ගන්නට ඕන. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන ප්‍රතිපාදන මත නිල කාලය ගැන දැන ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමකට ලක්කළා. මේකට සමහර අය කලබල වෙලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදලා මහේස්ත්‍රාත් අධිකරණය දක්වා විනිශ්චයකාරවරු දෙන ඕනෑම තීරණයකට අපි ගරු කරනවා. අවුරුදු 4ද 5ද 6ද මට ඒ ගැන කිසිදු භේදයක්නෑ . මම මේ පුටුවේ වැජඹෙන්න ආවේ නෑ. මම ලෑස්තියි හෙට නෙමෙයි අද වුනත් මේ තනතුරෙන් යන්න ජනතාවක් එක්ක ජනතාවාදි මේ ගමන ශක්තිමත්කරන්න,”ජනාධිපතිවරයා පවසා සිටියා.

Maithripala Sirisena