ප්‍රභාකරන් එක්ක හැප්පෙන්න පුළුවන් ගෝඨා හිරේ යන්න බය වෙන්නේ නෑ!

1

පවුලේ කුමන්ත්‍රණය නිසා ගෝඨාභය රාජපක්ෂ විදේශ ගත වු බවට මහ ඇමති ඉසුරු දේවප්‍රිය පැවසු ප්‍රකාශය පිළිබඳව රහස් පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවතිජන හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි ඉසුරු දේවප්‍රිය මහත්තයාට කියනවා බොරු කියන එක නවත්වන්න. CID එකට කියනවා කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් කරන්න. පැමිණිල්ලක් දාන්න ඕන නම් මම ඇවිල්ලා දානවා. මොකද මේක එසේ මෙසේ චෝදනාවක් නෙමෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා හිරේ දාන්න පවුල ඇතුලේ කුමන්ත්‍රණයක් තියනවා කියන එක එසේ මෙසේ චෝදනාවක් නෙමෙයි. පොලිස්පතිවරයා නීතිය නැමුවට කමක් නෑ මහත්තයෝ.., ඔය නීතිය නවන්නේ නැතුව මහ ඇමතිවරයාගේ ප්‍රකාශය ගැන පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අනිත් එක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිරේ යන්න බයෙන් පැනලා ගිය මිනිහෙක් නෙමෙයි. ප්‍රභාකරන්ට මුහුණ දිලා ප්‍රභාකරන්ට ගහන්න පුලුවන් නම් ඒ මිනිහා හිරේ යන්න බය මිනිහෙක් නෙමෙයි. අපි හිර ගෙවල් වලට බය නම් දේශපාලන කරන්නෙත් නෑ. අපි ආණ්ඩුවට කියන්නේ බොරු කියන එක නවත්වන්න.”මන්ත්‍රිවරයා පවසා සිටියා.

1 COMMENT

  1. Studies on animals produced results of reduced consuming, weight

    management and much less production of fat from sugar for the animals that took garcinia cambogia.

Comments are closed.