ආණ්ඩුව බුරුවා ගහනවා අල්ලන්න ඇවිල්ලා කැසිනෝ ගහලා නතර වුණා

2

බූරුවා ගැසීම ඇල්ලීමට පැමිණි ආණ්ඩුව කැසිනෝ ගහලා නතර වුණා වැනි දෙයක් බැදුම්කර වංචාවෙන් ඔප්පු වූ බව කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

බැදුම්කර වාර්තාව සභාගත කිරීම හා බැඳුම්කර වංචාවට වගකිවයුතු වූවන් ඇතුළු සමස්ත කරුණු දැන ගැනීමට බලා සිටි ජනතාවට පසුදින මාධ්‍යවලින් දැකගැනීමට හැකිවූයේ දෙපිරිසක් අතර ගෝරනාඩුවක් පමණක් බවයි මන්ත්‍රිවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවේ ඇති වූ ගාලගෝට්ටියේ සතුට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට වී භුක්ති විඳිනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ නමුත් බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බව අගමැතිවරයා නොදන්නවා යැයි සිතිය නොහැකි බැවින් නැවත මෙවැනි තත්ත්වයකට ඉඩ නොතබා එකී වංචනිකයන් රටට හෙළිදරව් කිරීමත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කඩිනම් විය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Sunil Handunnetti

 

 

 

 

2 COMMENTS

  1. Impact Studio – allows you to import target Links,

    pick a pre-defined GSA Internet search engine Ranker engine,

    and then assess these Links for feasible new footprints.

Comments are closed.