මංගලගේ තිතට මතට මෛත්‍රිගෙන් තිත……!

0

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක වන ලෙස හෙට සිට අවලංගු කිරීමට නියෝග කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හෝමාගම දි අද (14) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන නිදහසේ ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

තමා මෝටර් රථයේ ගමන් කිරිමෙන් සිටියදි මෙම ගැසට් නිවේදනය පිළිබඳව අසන්නට ලැබුණු බවත් ඒ වහාම ඒ පිළිබඳව මුදල් අමාත්‍යවරයාගෙන් විමසීමට ඔහුව ඇමතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා තමාගෙන් නොවිමසා මෙවැනි තීරණයන් ගැනීමට කටයුතු කළේ මන්දැයි මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටි බවත් පවසා සිටියා.

අනතුරුව අගමැතිවරයා සමගද මේ පිළිබඳව සාකච්ඡා කොට ගැසට් පත්‍රය අවලංගු කිරීමේ තීරණයට පැමිණි බවයි ජනාධිපතිවරයා මෙහිදි අදහස් දක්වමින් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here