පස් කැපීමෙන් මිනි වලක් මතුවෙලා ගාමිණි පුර උණුසුම්

0

අඹගමුව ප‍්‍රාදේශිය ලේකම්  කාර්යාලය යටතේ පාලනය  වු හැටන් ගාමිණීපුර ගමිමානයේ පිහිටි වඩු පාසල හා ඒ අවට ඉඩම ප‍්‍රදේශයේ ව්‍යපාරිකයෙකු විසින්  වංචනික ලෙස අත්පත් කර ගෙන ඇති බව පවසමින් එම ගමිමානයේ වැසියන් හා හැටන් වත්තේ වතුකමිකරුවන් අද (16) උදැසන නොසුන්කාරි ලෙස හැසුරුනා.

මිට වසර කිහිපයකට ප‍්‍රථම හැටන් ප‍්‍රදේශයේ පාසල් අධ්‍යාපනය නිම කළ තරුණයන් හට වෘත්තිය පුහුණූව ලබා දිම සදහා ඉදිකර ඇති මෙම වඩු පාසල පසුව ප‍්‍රාදේශිය ලේකම්  කාර්යාලය මගින් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට දිර්ඝ කාලින බදු පදනම මත ලබා දි තිබුණි.

එම බදු පදනම මත ලබා ගත් අය විසින් මෙම වඩු පාසල් ගොඩනැගිල්ල හා අවට ඉඩම දිර්ඝ කාලයක් බුක්ති විද පසුව ප‍්‍රදේශයේ ව්‍යපාරිකයෙකුට නිතියානුකුල නොවන ආකාරයෙන් අලෙවි කර ඇති බවයි ප‍්‍රදේශවාසින් පවසන්නේ. එම ඉඩම මිළදි ගත්තේ යැයි කියන ව්‍යපාරිකයා විසින් අද (16) උදෑසන බැකෝ යන්ත‍්‍රයක් දමා එම වඩු පාසල අසල පිහිටි හැටන් වතුයායට අයත් යැයි පැවසෙන  ඉඩමේ පස් කැපිෙමිදි එම ඉඩෙමි තිබු පැරණි සොහොනක වලලා තිබු මිණි අස්ථි කොටස්ද මතුවිමත් සමගම ප‍්‍රදේශවාසින් නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් ෙමි පිළිබදව හැටන් පොලිසියටද පැමිණීළී කරනු ලැබුවා. පසුව හැටන් පොලිසියේ නිළධාරින් එම ස්ථානයට පැමිණ ඉඩමේ පස් කැපිම තාවකාලිකව අත්හිටුවා එම ඉඩමේ අයිතිය පිළිබදව තහවුරු කිරිමට අවශ්‍ය ලියකියවිලි පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ඉඩෙමි අයිතිකරුට දැනුමි දෙනු ලැබුහ.

මේ සමිබන්ධයෙන් අප අඹගමුව ප‍්‍රාදේශිය සභාෙවි ලේකමි එස්.සරවනන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ මෙම ඉඩමේ අනවසර පස් කැපිමක් සමිබන්ධයෙන් තමන්ටද ප‍්‍රදේශවාසින් විසින් පැමිණීල්ලක් කළ බවයි.

මෙම පස් කැපිම සදහා තම ප‍්‍රාදේශිය සභාවෙන් කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවත් මෙම ඉඩම අත්පත් කර ගැනිම සමිබන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශීය ලේකමිවරයාද දැනුවත් කළ බවත් සරවනන් මහතා වැඩි දුරටත් කියා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ