රනිල් ….. මෛත්‍රී…… විරසකය රඟපෑමක්…..ඔහොම ගියොත් අගමැතිකමටත් තට්ටු වෙනවා

0

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනතාව රැවටීමට බොරු විරසකයක් මවා පාමින් කටයුතු කරන බවත් පෙබරවාරි 10 වෙනිදායින් පසුව විරසකය වසන් වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරතුංග දිසානායක පවසනවා.

ඇඹිලිපිටිය නගරයේ පැවති ජනරැළියක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“අවුරුදු 3ක් තිස්සෙ ජනතාව අඩනවටත් වඩා වැඩියෙන් රනිල් මහත්තයා අඩනවා. මේ අවුරුදු තුනේ ම කියන්නෙ මොකක්ද, රාජපක්ෂ ආණ්ඩුව යනකොට මීතොට මුල්ල කුණු කන්දක් වගේ ණය කන්දක් දුන්නා. දැන් මේ එකම ඇඩියාව ණය කන්ද ණය කන්ද. ආණ්ඩුවක් අරන් මාස 6ක් ඇඬුවට කමක් නෑ. ඉතුරු අවුරුදු 2හමාර හදන්න එපැයි,බේරෙන්න එපැයි. අදත් ඇවිලා කියන්නේ මොකක්ද, ණය කන්ද ගැනයි. එහෙනම් මේ සැරේ සංඥාවක් දෙන්න ඕනේ රනිල් මහත්තයට,ඔයා මේ විදියට නම් ඉතුරු අවුරුදු දෙකත් යන්නේ, ඔයාගේ අගමැතිකමට තට්ටු වෙනවා සහතිකයි. එතකොට බය වෙනවා. ඇයි ඉතින් අවුරුදු 27ක්ද කොහෙද තැපල තැපලා ගත්ත අගමැතිකම නේ”

“හැබැයි ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා මොකක්ද කියන්නෙ මේ ඡන්ද ව්‍යාපාරය ගැන, දූෂිතයන් පාට, පක්ෂ භේදයකින් තොරව දූෂිතයන් කැපෙන මහා බලවත් කඩුවක් තියෙනවා. දැන් අපි මෛත්‍රීපාල මහත්තයට කියන්නේ, දූෂිතයන් කැපෙන කඩුව ඔබතුමා ඉන්න වේදිකාවක වනන්න එපා. වැනුවොත් එස්.බී කැපෙනවා,නිමල් සිරිපාලත් කැපෙනව,ඩිලාන් පෙරේරාත් කැපෙනවා,අනුර යාපා කැපෙනවා,සුසිල් ප්‍රේමජයන්ත කැපෙනවා,ජගත් පුෂ්ප කුමාරත් කැපෙනවා. මං මේ කියපු ඔක්කෝගෙම නම් වල වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ වල තොරතුරු මං ගාව තියෙනවා. රනිල් මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි කතා වෙලා මෛත්‍රීපාල මහත්තයට කියනවා ඔයා මල්ලක් අරගෙන යන්න ඔය පැත්තෙන් රනිල් මහත්තයා මල්ලක් අරගෙන යනවා මල්ලක් මේ පැත්තෙන්. මලු දෙකට ඡන්ද දා ගන්නවා. පෙබරවාරි 10වෙනිදාට පස්සෙ මලු දෙකේම ඡන්ද එක මල්ලකට දාගෙන කියනවා, ජනතාව ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කොට ඇත. දෙන්නා කතාවෙලා ඔය කරන්නේ.ඔය බොරු රණ්ඩුවක් යන්නෙ.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.