මහින්ද ගෙදර ගියා, බැසිල් රට ගියා, අපිට රෙද්දේ ගියා

0

2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙදර ගිය බවත්, බැසිල් රාජපක්ෂ ගෙදර ගිය බවත්, තමන්ට රෙද්දේ ගිය බවත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (19) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්sහ ජන රැලිය අමතමිනි.

“මහින්ද ගෙදර ගියා, බැසිල් රට ගියා, අපිට රෙද්දේ ගියා. අපි දැන ගත්තා සහෝදරවරුණි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂයේ සභාපති කියලා. ඒක හැමෝටම දන්නේ නෑ. මොකද අපි මධ්‍යම කාරක සභාවේ ඉන්නවා. අපි තමයි මහින්දත් එක්ක චන්ද්‍රිකා එලවන්න ව්‍යවස්ථාව සංශෝධනය කළේ. දැන් බලන්නකෝ සිදුහත් තවුසා බුදු වුණා කියලා පස්වග තවුසන් දැන ගත්තේ නෑ. සිදුහට් තවුසා බුදු වුණා කියලා දැන ගත්තේ මාරයා. මාරයා දන්නවානේ හැමෝගේම ෆයිල් එක මාරයා ගාව තියනවා නේ. ඉතින් අපිත් අර සක්‍රයාගේ පුතා වයිමා වගේ දැන ගත්තා මෛත්‍රි මහත්තයා මේ පක්ෂයේ සභාපති ව්‍යවස්ථාවේ හැටියට.”

“අනේ හත්තිලව්වේ මේ හොටු පක්ෂයක් හැදුවා. කවුද සභාපති ජී. එල් පප්පා. කුරුණියක් බෑවත් ගුණත් නෑ අගුණත් නෑ, කැද, සෝමාරිකා, සෙවල බණ්ඩක්කා, රුවිතෙට යන කොළඹට ගිහිල්ලා බොරැල්ලේ බැස්සුවොත් රුපියල් 1000ක් දීලා ගෙදර පලයන් කියලා ගෙදර යන්න දන්නේ නෑ. අපි නිදහස ලැබුණු දවසේ ඉදලා හැම එකාම දිනෙව්වා. දිනවපු හැම එකාම පෛට කෙලියා. වෙල්ලස්සේ බොන්න වතුර නෑ. මහින්ද මහත්තයාලා උඩවලවේ වතුර ටික යන්නේ කොහාටද හම්බන්තොටට. හෙන ගහපන් ගණන් බලාපන්. ඔක්කෝම වතුර ටික හම්බන්තොටට,”