ඌවේ මහ ඇමති දාමරිකයෙක්!…. ජනාධිපතිගේ කඩුවෙන් කැපෙයිද?………

1

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවට්රිය දණ ගැස්වීම සම්බන්ධ සිද්ධියට සම්බන්ධ චාමර සම්පත් මහ ඇමතිවරයා ධූරයෙන් ඉවත් කර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඊයේ (19)මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලිම කර සිටියා.

“බදුල්ලේ මන්න්ත්‍රී වරයෙක් හැටියට බදුල්ල දිස්ත්‍රික් නායකතුමාත් එක්ක එකතු වෙලා, මේ ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධ ගන්න පුළුවන් උපරිම තීන්දුව අපි ගන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඒ විදුහල්පතිතුමියව අපි ආරක්ෂා කරනවා. අපිට අද රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලායන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. විදුහල්පතිතුමියට කියලා වැඳ ගත්තා කියයිද දන්නේ නෑ, මර්වින් සිල්වාගේ වැඩපිළිවෙළ වගේ. පහුගිය කාලේ ඒක කළා. දෙක සමත් වූ පළාතේ මහ ඇමැතිවරයා පරිපාලන සේවයේ විදුහල්පති තුමාගේ කාර්යය භාරය කරන්න එතුමාට කිසිසේත්ම අයිතියක් නෑ. මේ යහ පාලන ආණ්ඩුව තුළ මැති ඇමතිවරු අයින් කළා,අයින් වුණා. එහෙම් නම් අපි කියනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමනි, තමුන්නාන්සේ පත් කරපු ඌව පළාතේ මහ ඇමති හැසිරෙන්නේ දාමරිකයෙක් හැටියට නම් , හැසිරෙන්න දන්නේ නැත්නම්, කරුණා කරලා එතුමාව අයින් කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා තමාගේ පක්ෂයේ වුණත් කපනවා කිව්වා තමන්ගේ කඩුවෙන්. විදුහල්පතිතුමියට කරලා තියෙන වැඩපිළිවෙළ තුළ එතුමා පත් කරපු ප්‍රධාන ඇමතිව කපලා දායි කියලා. එතකොට පිළිගන්නම් ජනාධිපතිතුමා කියන වැඩපිළිවෙළ හරියටම ඉදිරියට ගෙන යයි කියන කාරණය.”

UNP MP Chaminda Wijesiri

1 COMMENT

  1. Thanks for your personal marvelous posting!

    I actually enjoyed reading it, you’re a great author.

    I will be sure to bookmark your blog and will often come back

    down the road. I want to encourage you to ultimately continue

    your great posts, have a nice weekend!post-4649

Comments are closed.