පිස්සු කෙළින එකාව දොට්ට දාලා…… අපි 2020 තෙක් යනවා..

0

අද පිරිසිදු නයකයින් දෙදෙනෙක් සිටින බවත්,එම පිරිසිදු නායකයින් දෙදෙනා සමඟ මේ ආණ්ඩුව 2020 තෙක් ඉදිරියට ගෙනයන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සෙනාරත්න පවසනවා.එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ,ඇල්පිටියේ පැවති ජන රැළියකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ආණ්ඩුව 2020 දක්වා ගමන් කරන බවයි.

“අද මුන් කියනව ඇවිල්ලා, මේ පට්ට හොරකම් කරපු එවුන්, ආ… රනිල් ගැහුවා, රනිල් හොරා, මූ හොරා, අරූ හොරා. මොකද බැදුම්කරේ වුණේ. ඒ වාර්තාවේ තියෙනවා මේකට වඩා විශාල බැදුම්කර වංචාවක් 2008 සිට 2014 තෙක් සිදු වී ඇත, එහි වටිනාකම බිලියන 4000ක් කියලා. අපේ රටේ අයවැය ලේඛනයට වඩා වැඩියි, ගිය ආණ්ඩුවේ බැදුම්කර වලින් ගහපු සල්ලි. අපේ අගමැති තුමා හොරකම් කරනවා නම්, ජීවිතේට ජේ.වී.පී කාරයෙක් දානවාද කෝප් එකට හොයන්න කියලා?. උන්ට අහුවුණේ නැති වුණත් හොය හොය ඉන්න එවුන්නේ. මුදල් ඇමතිට කිව්වා වහාම අයින් වෙන්න. එහෙම් කරපු ආණ්ඩුවක් තිබුනද පහුගිය කාලේ?. තමන්ගේ ඇමතිවරුන්ව අයින් කරන්න කියපු ආණ්ඩුවක්. මම පැහැදිලිව කියනවා අද අපිට නායකයෝ දෙන්නෙක් ඉන්නවා, ඒ පිරිසිදු නායකයෝ දෙන්නා මේ ආණ්ඩුව ඉදිරියටගෙනියනවා. මේකේ කවුරුහරි පිස්සු කෙළියා නම් පිස්සු කෙළින එකාව දොට්ට දාලා අපි ඒ ආණ්ඩුව දිගටම ඉස්සරහට ගෙනියනවා සාහෝදරවරුනි මතක තියා ගන්න. මතක තියා ගන්න මේ ආණ්ඩුව 2020 වෙනකන් යනවා.”