වෙසක් එකට එකක්…පොසොන් එකට තව එකක්….හොරු සහ හොරු ඇල්ලීමේ ජාතකය

3

අවුරුදු හැත්තෑවක් තිස්සේ කළ බව කියන සංවර්ධනය මිනිස්සුන්ට ගෙනාවේ විනාශය පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත පවසනවා.අවිස්සාවේල නගරයේ පැවති රැලියකට එක්වෙමින් ඔහු සදහන් කළේ හොරු සහ හොරු ඇල්ලීම වෙසක් ඒකට වෙස්සන්තර ජාතකය පෙන්නව වගේ වැඩක් බවයි.

කල්පනා කරල බලන්ඩ ජනවාරි 08 වෙනිදට කලින් මෛත‍්‍රීපාල මහත්තයයි මේ එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුවයි දුන්නු පොරෝන්දු කන්දක් තිබුන. කවුරුත් එව ඉටුකරයි කියල ඡන්දෙ දුන්න. බලයට පත් වුනා. අඩුම තරමෙ වංචාව දුෂණය නැතිකරනව කිවුව. හොරු අල්ලනව කිව්ව. හොරුන්ට දඩුවම් දෙනව කිව්ව. දැන් මේ යහපාලනේ ආවෙ මෙහෙමනේ. දැන් යහපාලනේ ආතුලෙ ලොකුම සාකචඡා. මොකද, හොරු අල්ලන්න ආපු කට්ටිය හොරු වෙලා. දැන් ආපහු හොරුන්ගෙ ෆයිල් ගෙනැල්ල ආපහු ඡන්දයක් එද්දී හොරු සහ හොරු ඇල්ලීම කරලියට එනව. ඡන්දෙ ඉවර වෙනකොටම හරියට ඒක වෙසක් ඒකට වෙස්සන්තර ජාතකය පෙන්නව වගේ. කාලෙන් කාලෙට පෙන්න ඒව තියනවා. පොසොන් එකට තිස්ස මුවා පස්සෙ දුවනවා. වෙසක් එකට තව ජවනිකාවක්. එනිසා මෙව්ව කාලෙන් කාලෙට රග දක්වන නාටක පමණයි.

එච්චර විතරක් නෙවේ කරනවයි කියන කොළයි කියන සංවර්ධනෙත් නරකම නෑනේ. හිස මත කඩන් වැටෙන කුණු කදු, බොන්ට බැරි කරල විෂ කරපු වතුර තමයි මේ කියන සංවර්ධනය. මේ ධනවාදේ සංවර්ධනයට කරන්ට පුලූවන් ඔචචරයි. දැං රජරට ප‍්‍රදේශයෙන් පටන්ගෙන රටේ හතරදිග්බාගේ අස්සක්මුල්ලක් නෑර වකුගඩු රෝගීන්. ගිය අය වැයෙන් මතී‍්‍රපාල උන්නැහේ කිව්ව රට පුරා රෝහල් 1000කට වකුගඩු රොගය නිසා ලේ පිරිසිදු කරීමේ යන්ත‍්‍ර, ඩයලෙක්සිස් උපකරණ දෙනව කියලා. එකක් දුන්නද? නෑ එකක් දුන්නෙ නෑ. මේ අයවැයෙන් දැම්ම, අනුරාධපුර යාපනය ඇතුළු ප‍්‍රධාන රොහල් 3කට වකුගඩු රෝග ඒකක පිහිටුවනව කියල. නෑ හැදුවෙ නෑ. රටේ වතුර ටික විෂ කරල ෆැක්ටරි වලින් මුදාහරින දේවල්, අපි එකතු කරන දේවල්, මේ සියල්ලෙන් බොන්න තියෙන වතුර විෂ වෙලා, කුණු කදු, විෂ වතුර, ගං වතුර, නාය යෑම් මේ සා මහත් පරිසර විනාශයන් සියල්ල මැද්දේ අර්බුදට පත්වෙච්ච මිනිස් ජීවිතයක් අපට අපට ඉතිරවෙලා තියෙන්නේ. අපි ඇඹුල් මිදි කෑවාම මතක තියාගන්න දත් හිරි වැටෙන්නේ අපේ දරුවන්ගේ. විනාශය නිර්මාණය කරපු සමාජයක්. ඕක තමයි සංවර්ධනය. 70ක් තිස්සෙ පම්පොරි ගැහුව සංගප්පූරු කරනව කිව්ව, ආශ්චර්යය හදනව කිව්ව, හැබැයි හදල තියනවා ඔන්න රටක්.

ජීවත්වෙන්ට අමාරුයි. බඩු මිල වැඩියි, රටට කරපු දෙයක් නෑ. මුන් හැම එකාම කරේ හත්මුතු පරංපරාවකට හොරකන් කරගත්ත එක විතරයි. ඇති පදං බැනල බැනල අවසානෙදි පෙබරවාරි 10වෙනිදට ගොණි පඩංගුව අස්සට රිංගපුවාහම පරන පුරුදු මතකෙටම කතිරෙ ගහල එලියට එනව. එනිසා මේ රැවටිල්ල අඛණ්ඩව පවත්වගෙන යන මේ රටේ මිනිස්සුත් එක්ක ගැහැණුත් එක්ක මීට වඩා වෙනසද් දේශපාලනයක් කතා කළ යුතුයි කියල අපි විස්වාස කරනවා. එනිසා අපි ඔබට කියනවා කතිරෙ ගහල ආවම මොන කෙංගෙඩියක්වත් වෙන්නේ නෑ. එනිසා ඔබේ අමාරුවෙ තරම දන්නෙ ඔබ. බලා නොයිද තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්න කියල අපි කියනවා. සංවිධානය වෙන්න කියල අපි කියනව.

3 COMMENTS

  1. Great post. I used to be checking constantly this

    blog and I’m impressed! Extremely useful information particularly the last phase :

    ) I handle such information much. I used to be looking

    for this particular information for a long time. Thanks and best of luck.

Comments are closed.