ශ්‍රි පාදයෙන් මතු වු දැවැන්ත පා සටහන

0

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් පොප්මොර් වතුයායේ ඉහළ කොටසේ රක්‍ෂීතයේ ශ්‍රි පාද රක්‍ෂිතයට ආසන්නයේ කලූගලක් මත අඩි එකහාමාරක් පමණ දිගකින් යුක්ත පා සටහන් දෙකක් මතුවි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධීපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක පවසයි.

එම පා සටහන් වලින් වමි පාදයේ සළකුණ තරමක් මැකි ගොස් ඇති අතර දකුණු පාදයේ සළකුණ පැහැදිලිව පෙනෙන්නට ඇත. මීට දින කිහිපයකට ප‍්‍රථම එම වතුයායේ වතුකමිකරුවෙකු විසින් මෙම පා සටහන දැක ඒ බැවි අද (20.01) මස්කෙළිය පොලිසියට දැනුමි දි තිබෙනවා.

දකුණු පාදයේ මහපට ඇගිල්ල දඹර ඇගිල්ල මැදගිල්ල වෙද ගිල්ල සුළගිල්ල පැහැදිලිවම දිස්වන අතර එම දකුණු පාදයේ පා සටහන අගල් තුනක් පහක් පමණ එම ගල තුලට කිදා බැස ඇත.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් කදුමුදුනේ මෙම රක්‍ෂීතය පිහිටා ඇති අතර එම ස්ථානයට කිසිවෙක් නොයන බවයි එම රක්‍ෂිතයට පහළීන් පදිංචි වතුකමිකරුවන් පවසන්නේ.එම පා සටහන් මත වතුකමිකරුවන් කහ වලින් සෝදා පුජා පවත්වනු ලබනවා. මෙම පා සටහන් සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසියද විමර්ෂණයක් ආරමිභ කර තිබෙනවා.

රංජිත් රාජපක්ෂ- හැටන්