ගංජා අරන් ශ්‍රිපාදයේ ගිය තරුණයින් විසිනව දෙනෙකු රක්‍ෂීත බන්ධනාගාරයට

0

කේරල ගංජා ලග තබා ගනිිමින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණී තරුණයන් විසිනවදෙනෙකු හැටන්, වටවල, ගිනිගත්හේන යන පොලිස් ස්ථාන මගින් ඊයේ (20.01) දින අත්අඩංගුවට ගෙන අද (21.01) හැටන් වැඩ බලන මහේස්ත‍්‍රාත් දමයන්ති ප‍්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් හෙට (22.01) දින දක්වා රක්‍ෂීත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා.

මෙම සැකකරුවන් අතරින් විසිදෙදෙනෙකු හැටන් පොලිස් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් හැටන් පොලිස් සුනඛ අංශයේ කෝරා සුනඛයාගේ සහයෝගය ලබා ගනිමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් සිවිදෙනෙකු හා වටවල පොලිසිය මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණී.

මෙම සැකකරුවන් කොළඹ හංවැල්ල පිලිමතලාව මහරගම හොරණ අවිස්සාෙවිල්ල සහ කලූතර යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි පොලිසිය පැවසුවෙි.

ශ්‍රි පාද වන්දනාෙවි පැමිණෙන විට මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන නොයන ලෙස ආරක්‍ෂක අංශ විසින් වන්දනාකරුවන් දැනුවත් කර තිබෙනවා.

එසේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන එන වන්දනාකරුවන් ශ්‍රිපාද මාර්ගයේ ස්ථාන කිහිපයකදි අත්අඩංගුවට ගැනිමට විශේෂ පොලිස් කණ්ඩායමි දිවා සහ රත්‍රී කාලයේ රාජකාරියේ යොදවා තිබේ.