ජාතිවාදි සිංහල එජාප,ශ්‍රීලනීපයට ඡන්දය දෙන්න එපා….ද්‍රවිධ ජාතික සන්ධානයෙන් ඉල්ලිමක්!

2

පළාත් පාලන මැතිවරණයේදි සිංහල ජාතිවාදි දේශපාලන පක්‍ෂ වන එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ නොකල යුතු බව ද්‍රවිධ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ඉලංගෙයි තමිලරසු පක්‍සයේ පට්ටිරිප්පු කොට්ඨාශ නායක පී.අරියනේන්ද්‍රන් පවසයි.

කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වෙමින් පී.අරියනේන්ද්‍රන් සදහන් කලේ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත්වන දෙමළ ජනතාවගේ සළකුණ ‘නිවස’ පමණක් බවයි.

මෙම පළාත් පාලන මැතිවරණයේදී හෝ දෙමළ ජනතා සංසදය පිහිටවූ බුද්ධිමතුන්, සමසභාපතිවරු සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසට හෝ ඔවුන්ව ඒකරාශි කර, එක් ප්‍රතිපත්තියක් තුලට ගෙනඒමට නොහැකිවී ඇත. එවැනි පුද්ගලයින් අනෙකුත් පුද්ගලයින්ට වැරදි ප්‍රකාශ කරන්නේ කෙසේද? යන්න මහජනතාව සිතාබැලිය යුතුය.

බොහෝ නම්වලින් බොහෝ දේශපාලන පක්‍ෂ පිහිටුවීමට හැකිය. නමුත්, ජනතාව කුමන පක්‍ෂයකට සහයෝගය ලබාදීම අනුව, සියව කරුණු තීරණය කිරීමට හැකිය. දෙමළ ජාතික සන්ධානය 2000 වර්ෂයේ පිහිටුවා, එය 2001.10.20 වන දින නිල වශයෙන් දැනුම් දුන්නත්, විමුක්ති කොටි සංවිධානයේ පාලන කාලයේ සිට 2009.05.19 වන දින විමුක්ති කොටි සංවිධානයේ අවි නිහඬ කල කාලයේ සිට පැවැති සියළු මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත්වන දෙමල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව දෙමළ ජාතික සන්ධානය ශක්තිමත් කර ඇත.

එහි විශේෂත්වය විමුක්ති කොටි සංවිධානයේ අවි නිහඬ කලපසු, 2010 වර්ෂයේ පැවැති මහමැතිවරණය, 2012 වර්ෂයේ පැවැති නැගෙනහිර පළාත් සභා මැතිවරණය, 2013 වර්ෂයේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණය සහ 2015 වර්ෂයේ පැවැති මහමැතිවරණය යනාදියේදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත්වන දෙමළ ජනතාවගේ නායකත්වය දෙමළ ජාතික සන්ධානය පමණක් බව ඡන්ද බලයෙන් තහවුරු කරන ලදි.

එම තහවුරු කිරීම මගින් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇත. එය පදනම් කරගෙන, රාජතාන්ත්‍රිකයින් දෙමළ ජනතාවගේ නායකත්වය දෙමළ ජාතික සන්ධානය බව පිළිගෙන ඇත. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, සියළු දෙමළ ජනතාව තම නායකත්වය දෙමළ ජාතික සන්ධානය පමණක් බව තහවුරු කරන මැතිවරණයක් ලෙස භාවිතා කල යුතුය.

2 COMMENTS

Comments are closed.