පොලිස්පති ජනාධිපතිට කොන්ට්‍රෝල් නෑ…….. පිටරට ජනාධිපති පඹයෙක්!

0

අද සිටින්නේ දේශපාලන පොලිස්පතිවරයකු වන අතර ,ඔහු වත්මන් ජනාධිපතිවරයාට හෝ අවනත නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.මහනුවර මහයියාව ප්‍රදේශයේ දී ඊයේ(21) පැවති ජන හමුවේදී, හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“පොලීසියෙන් ඊයේ කතරගම අමු අමුවේ මරලා දැම්ම තරුණයෙක්,ඔළුවට වෙඩි තියලා. පොලීසියේ මහත්තයා කියලා තියෙනවා මීට ඉස්සර දවසක, මං උඹලාගෙන් එකෙක්ව වෙඩි තියලා මරලා දානවා රෑ 10න් පස්සේ. දැක්කොත් වෙඩි තියන්න කියලා තියෙන්නේ රෑ 10න් පස්සේ. පොලිස්පතිවරයා ගිහිල්ලා ඊයේ වව්නියාවේ දී කතා කරනවා, පොලිස්පතිවරයා කියනවා යහපාලන ආණ්ඩුවේ හොඳයි නේද පොලීසිය?. ඉතින් ඉන්න ගෝලයෙක් දෙන්නෙක් දාගෙන ඉන්නවා, ඔව් සර් කියන්න. අනික් අය එකෙක්වත් කතා කළේ නෑ. මේ කැන්වස් කරනවා නොකියා, දීපන් ඡන්දේ කියලා. හෙටනේ තැපැල් ඡන්දෙ. පොලිස්පතිට කිසිම අයිතියක් නෑ එහෙම කරන්න. නීති නවනවා. මේක ඡන්ද නීතියට විරුද්ධයි. මෙතුමා කියනවා, අපි පැමිණිලි දාන්න ඕනේ. පොලිස්පතිට කිසිම අයිතියක් නෑ දේශපාලනය කරන්න. අද දේශපාලන පොලිස්පතිවරයෙක් දාලා තියෙනවා. එයා ජනාධිපතිට කොන්ට්‍රෝලුත් නෑ, එක තැනක් රනිල්ට විතරයි. වන් මාස්ටර් ඩෝග් කෙයාර්. එහෙම තමා කියන්නේ.”

මේ අතර ඊයේ(21) කුලියාපිටියේ පැවැති පොදුජන පෙරමුණේ රැලිය අමතමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා….

ආණ්ඩුවේ ණය බර සහ පොඩි එකාගේ කක්කී බර…..

පිටරට ජනාධිපති පඹයෙක්! බොරු කී තරුණයාට පොලිසිය ඇත්ත කියාදෙයි…

තමා රට බාරගන්නා විට පැවැති විදෙස් ණය ප්‍රමාණය වත්මන් විදෙස් ණය ප්‍රමාණයට වඩා වැඩි බවත් තම පාලන සමයේ සියයට 103ක්ව පැවැති ණය වත්මන් ආණ්ඩුවට රට භාරදෙන විට සියයට 70 ක් දක්වා අඩු කර තිබූ බවයි.

මේ අතර පොලිස්පති පුජිත් ජයසුන්දර මැතිවරණ නීති කඩකරමින් සිය රාජකාරිය කරන අකාරය සහ පිටරට ජනාධිපතිවරයෙකුට පඹයකු කී තරුණයෙකුට වු සිද්ධියක් සම්බන්ධයෙන්ද අදහස් පලකර සිටියා.