බැදුම්කර විවාදය කරන්න ඕන හොරු ආරක්ෂා කරපු මංකොල්ලකාර අගමැතිවරයා ඉස්සරහා…, එයාට පාර්ලිමේන්තු එන්න කියන්න

2

මහබැංකු හොරකමට සම්බන්ධ හොරු පත් කරපු හොරු ආරක්ෂා කරපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්සරහ පිට තබා බැදුම්කර විවාදය සිදු කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසා සිටිනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බැදුම්කර කොමිසමේ වාර්තාව සභාගත කිරීමේ අවස්ථාවට අද (23) පාර්ලිමේන්තුවේදි සහභාගි වෙමිනි.

“මේ වන කොට සභාපතිතුමණි වයිට් කොලර් මංකොල්ලයක්. පහළ තන්ත්‍රවල ජිවත් වන මිනිස්සුන්ගේ මුදල් ඉහළ තන්ත්‍රයේ පිරිසක් විසින් මොන තරම් ප්‍රමාණයකට අපහරණය කරනවාද පේනවා මේකෙන්. හැබැයි කතානායකතුමණි කතාවක් තිබුණා හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා. හැබැයි අත්දැකීමෙන් දැන ගෙන හිටියේ නෑ. බැදුම්කර කොමිසම හරහා පෙන්නුම් කරමින් තිබෙනවා හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ කොහොමද කියලා. ඒ වගේම කතානායකතුමණි උපහැරණයක් තිබුණා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා දැන් පෙන්නුම් කරමින්  තියනවා.”

“රැස්වීම ගන්න ඕන කතානායකතුමණි අගමැතිවරයා ඉන්න වෙලාවක. ආසයි එතුමා ඉන්න වෙලාවක කරන්න. හොරකම් කරපු මහබැංකු අධිපති පත් කරපු, එයාලව ආරක්ෂා කරපු අය ඉස්සරහා කියන්න ඕන. ඒකයි මේ පාර්ලිමේන්තුවේ හැටි. කතාකරන්න ඕන මංකොල්ලකාරයෝ ඉස්සරහා. හොරු ඉස්සරහා. ඒ ඉස්සරා ඕන මේ විවාදය කරන්න.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

2 COMMENTS

  1. Hi! This is my first visit to your blog! We are a group of volunteers and starting a new project in a community in the

    same niche. Your blog provided us valuable information to work on. You have done a wonderful job!

Comments are closed.