ශ්‍රි පාද රක්‍ෂිතයේ යෝධ අඩි සලකුණ ගැන පුරා විද්‍යා පරික්‍ෂණ(ඡායාරූප)

0

මස්කෙළිය ගාඩිමෝර් නවෆෝප්මොර් වතුයායේ ගල්තලාවක් මතින් මතුවු විශාල පා සටහන් වලට සමාන පාද සමිබන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ නිළධාරින් අද (23.01)එම ස්ථානයට පැමිණ පරික්‍ෂණ ආරමිභ කරනු ලැබුවා.

පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ මහනුවර මධ්‍යම කලාප භාර නිළධාරින් පිරිසකුයි මෙසේ පැමිණ විමර්ෂණ අද (23.01) දින ආරමිභ කරනු ලැබුවේ.

එම පාද සටහන් වල සියලූ විස්තර පුරා විද්‍යා දෙපාර්තෙමින්තුවේ නිළධාරින් විසින් ලබා ගත් අතර මෙම පාද සටහන් සමිබන්ධයෙන් පුලූල් විමර්ෂණයක් සිදුකර නිගමනයකට පැමිණ මේ පිළිබද වාර්තාවක් ඉදිරියේදි නිකුත් කරන බව පුරා විද්‍යා පරික්‍ෂණ නිළධාරි පාලිත අත්තනායක පැවසුවා.

මෙම පාද සටහන් මුලින්ම දැක තිබු වතුකමිකරුවන්ගෙන් පුරා විද්‍යා නිළධාරින් විසින් ප‍්‍රකාශ කිහිපයක්ද සටහන් කර ගනු ලැබුවා.ඉකුත් (20) එම වතුයායේ වතුකමිකරුවන් විසින් මෙම පාද සටහන් දැක තිබුණා.

එම පා සටහන් වලට මේ වන විට වතුකමිකරුවන් පුද සත්කාර කරන අතර එම පාද සටහන් දැක ගැනිමට ප‍්‍රදේශයේ විශාල පිරිසක් දිනපතා එම වතුයායට පැමිණෙනවා.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් ශ්‍රිපාද රක්‍ෂිතයට ආසන්නයේ විශාල ගල් තලාවක් මත පිහිටා ඇති මෙම පාද සටහන් වලින් දකුණු පාදය පැහැදිලිව දිස්වන අතර වමි පාදයේ සටහන් තරමක් මැකි ගොස් තිබෙනවා.

අඩි එකහාමාරක් පමණ දිගකින් යුක්ත මෙම පාද සටහන් අගල් තුනක් පමන ගල් තලාව මතට ගිලා බැස තිබුණා.

රංජිත් රාජපක්ෂ -හැටන්