මෛත්‍රී කුමණ්ත්‍රණ කරන්නේ නෑ….., කලොත් පක්ෂේ කැඩෙයි…, ගොඩාක් රිදෙයි

0

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් යම්හෙයකින් ඔවුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන්නේ නම් එවිට එක්සත් ජාතික පක්ෂය කැඩි යනු ඇති බවත් අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

හඟුරන්කෙත ප්‍රදේශයේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක එක්සත් ජාතික පක්ෂයේ විශාල මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා කරමින් ඉන්නවා. ඇමතිවරු පිරිසක් සාකච්ඡා කරමින් ඉන්නවා. මේක බොහෝම කල් ඉදලා වෙච්ච දෙයක්. ඒ අයට විශාල චෝදනා පත්‍රයක් තියනවා තමුන්ගේ පක්ෂයට විරුද්ධව. ඉතින් ඒ පක්ෂයෙන් මෙහාට ඇදලා අරන් එහෙම කුමන්ත්‍රණ කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා සූදානම් වෙයි කියලා මම හිතන්නේ නෑ. හැබැයි එහෙම ආණ්ඩුවක් හදන්න ගියොත් ඔවුන්ගේ පක්ෂය දෙකට කැඩෙයි,” අමාත්‍යවරයා පවසා සිටියා.

S. B. Dissanayake