මෛත්‍රී-මහින්ද කොටවලා දේශපාලන වාසි ගන්න වන්දිබට්ටයෝ වල කපන්නේ ජනපතිටමයි

0

ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳව වෛරී අදහසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුළ ඇති කිරිමට පිරිසක් කුමණ්ත්‍රණය කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රවී කරුණානායක මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් බැඳුම්කර සම්බන්ධයෙන් තිබුණා. ඒ සඳහා ඡන්ද විමසීමක් කළා. ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ඡන්දය පාවිච්චි කළේ නැහැ. එළියට ඇවිල්ලා සුභපැතුවා රවී කරුණානායකට. මම නම් මෙයට හවුල් වුණේ නැහැ කියන ප්‍රකාශ සියල්ල වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හිතාමතා ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්කරන්න එතුමා වටේ සිටින කවුරු හෝ වන්දිභට්ටයෙක් හෝ ප්‍රශස්තිකරුවෙක් හෝ ආවතේවකරුවෙක් විසින් සූක්ෂම ලෙස ගොතලා කියපු කේලමක් පදනම් කරගෙන මේ ප්‍රකාශය කළ බව තමයි ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපිට කියන්න තියෙන්නේ.”

“ජනාධිපතිතුමාව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණු බව තමයි අපට වැටහෙන්නේ. අයථා ගනුදෙනු සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධව රවී කරුණානායක මහතා  චෝදනා ලබලා තියෙන අවස්ථාවේදී  මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ  නායකයෝ පැවරුවා ඊට සම්බන්ධ විශ්වාසභංග යෝජනාවක් සකස් කිරීම මට. මං විසින් සකස් කරපු එකී විශ්වාසභංග යෝජනාව මේ තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අපිට උපදෙස් දුන්නේ මේක ඇද ඇද ඉන්නේ නැතුව මේක අත්සන් කරලා ඉක්මනට භාර දෙන්න කියලා. කථානායක තුමාට මේ විශ්වාසභංග යෝජනාව භාර දුන්නට පස්සේ රටේ විශාල වෙනස්කම් රාශියක් ඇතිවෙන්න පටන්ගත්තා. දයාසිරි ජයසේකර අමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඇමතිවරුත් කිව්වා අපිට මේකට සහය නොදී ඉන්න පුළුවන්කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දය දෙන තැනට ප්‍රකාශ නිකුත් කරලා තිබුණා. ආණ්ඩුවටම ගෙදර යන්න වෙන තත්ත්වයක් ඇතිවෙනවා. ඒ  නිසා  එක්සත් ජාතික පක්ෂයේ බලපෑමෙන් කථානායකතුමා රවී කරුණානායක මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයටවත් ඇතුල් කලේ නෑ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Bandula Gunawardane

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here