මහින්දයි, පොහොට්ටුවයි, පැය 72න් රනිල් – රවී කල්ලිය හිරේ දානවා…!

0

ඉදිරියේදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු දෙනා පැය 72 තුළ අත්තඩංගුවට ගැනීමට කටයුතුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පවසා සිටිනවා.

බලංගොඩ නගරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“යම රජ්ජුරුවෝ බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ එක්ක රවි කරුණානායක, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, අප්පුහාමි, සේරසිංහ, අජිත් පෙරේරා මේ 42 බැදුම්කර හොරු ටික අපායට එනකම් කටු ඉඹුල උල්  කරගෙන, ලෝදිය හැලිය රත් කරගෙන කඩුව දික් කරගෙන බලාගෙන ඉන්නවා මෛත්‍රිපාල මහත්තයා මේ හොරු ටික අපායට ගෙනියනකම්. අද උදේ යම රජ්ජුරුවෝ අපායට ඉන්ටර්වල් එකක් දුන්නා. හොරු එන්නේ නෑ කියලා. මොකද ඊයේ රාත්‍රියේ මේ රටේ ජනාධිපතිවරයා නුවරට ගිහින් කියනවා මම ඓතිහාසික නුවර ඉදලා කියනවා අනේ ගරු අගමැතිතුමණි මේ හොරු ටික අල්ලන්න මට උදවි කරන්නකෝ කියලා. යම රජ්ජුරුවෝ දැන ගත්තා එහෙනම් මුන් ටික අපායට එන්නේ නෑ කියලා. මහින්ද රාජපක්ෂ නායකයාගේ නායකත්වය තුළ අපි පිහිටුවනවා පොහොට්ටුවේ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ පළමුවෙනි කටයුත්ත වනු ඇත්තේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ රවි කරුණානායක ඇතුළු හොර නඩයට මාංචු දාලා පැය 72න් හිරේට ගෙනියන එක කියලා මම ප්‍රකාශ කරනවා,”මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.