හම්බන්තොට පොලිසියට වෙනම නීතියක්….. රාජ්‍ය විරෝධීන් කියා පෙරටුගාමින් අල්ලන් ගිහින්

0

දේශපාලන පක්ෂවලට, නායකයන්ට හා අාණ්ඩුවට ඒරෙහිව ප්‍රකාශයන් රාජ්‍ය විරෝධී බව පවසමින් හම්බන්තොට පරිපාලන සංකීර්ණය අසළ මැතිවරණයට අදාළ පත්‍රිකා බෙදමින් සිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂ ක්‍රියාකාරිකයන් දෙදෙනකු අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය විරෝධි පත්‍රිකා බෙදාහරින බවට පොලිසිය විසින් චෝදනා කරමින් මෙසේ අත්අඩංගුවට ගෙන අැත්තේ රංජිත් සහ විමලරත්න යන දෙදෙනාය. ඉන්පසුව අනාවරණය වී අැත්තේ හම්බන්තොට ප්‍රාදේශීය ලෙකම්වරයා විසින් මෙම පත්‍රිකා බෙදනවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට පැමිනිලි කළ බවයි. තම පක්ෂයේ සාමාජිකයන් මෙසේ පළාත් පාලන මැතිවරණය සදහා ජනතාව දැනුවත්කිරීමේ කටයුතුවල යෙදදී සිටින්නේ පුද්ගලයන්ට ඡන්දය ඒකතු කිරීමේ අරමුණකින් නොවන බව පොලිසියට පැවසුවද ඔවුන් පොලිසියට  කැදවා ගෙන යන ලද බව හම්බන්තොට පෙ.ස.ප. ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගැනීමට හේතුව විමසන අවස්ථාවේ පොලිසිය පවසා අැත්තේ දේශපාලන පක්ෂවලට, නායකයන්ට හා අාණ්ඩුවට ඒරෙහිව ප්‍රකාශයන් රාජ්‍ය විරෝධී බවය. ඒවැනි හේතු මත පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා නම් ජනමාධ්‍ය අායතන සියල්ල වසා ඒ්වායේ පුද්ගලයන්ද දේශපාලන පක්ෂවල සියලු මහජන නියෝජිතයන් හා ප්‍රකාශකයන්ද සෙසු පක්ෂ හා අාණ්ඩුව විවේචනය කරන නිසා අත්අඩංගුවට ගත යුතු බව පෙ.ස.ප. සාමාජිකයන් විසින් ඒහිදී පෙන්වා දී අැත.

රට පුරාමත් විශේෂයෙන් හම්බන්තොට නගරයේ පවා පළාත්පාලන මැතිවරණය ඉලක්ක කරමින් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ ප්‍රචාරක පොස්ටර් පෙනි පෙනී තිබියදී පොලිසිය මෙසේ පෙ.ස.ප. ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here