පොහොට්ටුවේ ආගරපතන අපේක්ෂකයාට පහරදිලා…

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආගරපතන ප්‍රාදේශිය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකුට අද (24) දා  ප.ව. 04.30 ට පමණ සිදුකළ පහරදිමක් සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් දෙදෙනෙක් ඩයගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, ඩයගම වෑවලි තේ වතුයායේ පදිංචි එස්. රාජ් කුමාර් නැමති අයෙකි. පහර කෑමෙන් ඔහුගේ කණ හා අතකට තුවාල සිදුවී ඇති අතර හෙතෙම ඩයගම ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවඩයගම පොලීසිය පවසයි.

පහර කෑමට ලක්ව ඇති මෙම අපේක්ෂකයා (24) දා පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා  වෑවලි ප්‍රදේශයේ වෙළඳසලකට ගිය අවස්ථාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් තිදෙනෙක් ඔහුට තර්ජණය කර පහරදුන් බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබු බවත්, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා පරීක්ෂණ පවත්වන බවත්  ඩයගම පොලීසිය පවසයි.

මෙම ගැටුමට දේශපාලන සම්බන්ධයක් නොමැති බව වැඩිදුර පරීක්ෂණ පවත්වන ඩයගම පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක-මස්කෙළිය