අඹගමුව ප‍්‍රාදේශිය සභාව 3ට කැඩිමට එරෙහිව පෙත්සම අත්සන් කිරිම අරඹයි

0

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්වා අඹගමුව ප‍්‍රාදේශිය සභාවෙන් කඩා මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට කඩා වෙන් කිරිමට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවට ඉදිරිපත් කිරිම සදහා මහජනතාවගෙන් අත්සන් ලබාගැනිමේ වැඩ සටහනක් අද (25.01) ගිනිගත්හේන බස් නැවතුමිපොළේදි සිදුකළා.

කන්ද උඩරට ප‍්‍රගතිශිලි ජනතා ව්‍යපාරය මගින් සංවිධානය කර තිබු මෙම වැඩ සටහනේදි අදහස් දැක්වු එම ජනතා ව්‍යපාරයේ සභාපති හෙලප්‍රියනන්දරාජ කියා සිටියේ බෞද්ධ උරුමය වු ශ්‍රි පාදස්ථානය සිමා නිර්නයේදි අඹගමුව ප‍්‍රාදේශිය සභාවෙන් ඉවත් කර එය මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට ලබා දිමට එරෙහිව තවදුරටත් ජනතාව දැනුවත් කිරිමට පියවර ගත් බවයි.

රංජිත් රාජපක්ෂ -හැටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here