අලුත් පක්ෂයක් හදනවා කිව්වානම් මම සභාපතිකම ගන්නේ නෑ

0

“මම ජනාධිපති ධූරයට පත්වෙලා දවස් 11කින් මට පක්ෂය භාරගන්න කියලා මට ආරාධනා කළා. මං භාර ගත්තා. එතකොට කිව්වේ නෑ අලුත් පක්ෂ හදනවා කියලා, ඒ කිව්වා නම් මං භාර ගන්නේ නෑ. ” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පොලොන්නරුව බකමූණ ප්‍රදේශයේ දී ඊයේ(24) පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“ගෝල්ෆේස් එකේ හදලා තියෙන ෂැන්ග්‍රිලා හෝටලේ, අක්කර 6යි. සින්නක්කර ඔප්පුවකින් දුන්නේ. හමුදා මූලස්ථානය තිබුණ තැන. අපේ හමුදාවට අද හමුදා මූලස්ථානයක් නෑ. මාසයකට දස ලක්ෂ හතළිස් තුනක් අද කුළිය ගෙවනවා, හමුදාවේ කාර්‍ය මණ්ඩල තැන් තැන් වල ගොඩනැගිලි වල ඉන්න කුළිය. අක්කර 6 සින්නක්කර දෙන්න හදිස්සිය මොකක්ද හමුදාව ගලෝලා යවලා? හදිස්සිය මේක තමයි……..හදිස්සිය. වරාය නගරය පෝර්ට් සිටි, මම ජනාධිපති වෙනකොට අක්කර 240ක් සින්නකර චීනෙට.මේ රටේ භූමිය තවත් රටකට ඔප්පුවකින් දුන්නු නායකයෙක් මේ රටේ ඉතිහාසයේ නෑ.ඒ දුන්නු මනුස්සයා තමයි අපිට කියන්නේ රට විකුණනවා කියලා.

“දැන් මේ ඊයේ පෙරේදා කාන්තාවන්ට අරක්කු ගන්න බාර් වාල ගිහිල්ලා අරක්කු විකුණන්න 1906 සුද්දෝ දාපු නීතියක් ඒක එපා කියලා.සුද්දන්ට තේරිච්ච එක මේ හාදයින්ට තේරෙන්නේ නෑ. කවුරු කළත් වැරදි මොන පක්ෂයද නෙවෙයි, කවුරු කළත් වැරදි නම් වැරදියි.”