ජවිපෙ අපේක්‍ෂකයෙකුගේ නිවසක් ගිණී ගෙන විනාශ වෙයි(ඡායාරූප)

1

ආගරපතන ප‍්‍රාදේශිය සභාවට ජනතා විමුක්ති පෙරමුණේ මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තරග කරන රංජිත් උපාලිගේ නිවස ඊයේ (25.01) රාත්‍රී ගිණී ගෙන විනාශ වි ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.

ආගරපතන පොලිස් වසමට අයත් බෝපත්තලාව වලගමිබාපුර ජනපදයේ පිහිටි ඒ මහතාගේ නිවස ඊයේ (25.01) රාත්‍රී 9.15 ට පමණ ගිණී ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

නිවස ගිණි ගන්නා අවස්ථාෙවි එහි කිසිවෙකු නොසිටි අතර ගින්නෙන් එම නිවසේ තිබු සියලූම බඩු භාහිරාදිය ගිණී ගෙන විනාශ වි තිබෙනවා.
ප‍්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්විමට දැඩි උත්සහයකද නිරතවි තිබෙනවා.

බෝපත්තලාව වසම සදහායි රංජිත් උපාලි මෙවර මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වි තිබෙන්නේ.

ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කරගෙන නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය කරගෙන නැහැ. සිද්ධිය පිළිබදව ආගරපතන පොලිසිය පරික්‍ෂණ පවත්වනවා.

රංජිත් රාජපක්ෂ -හැටන්

1 COMMENT

  1. I am noow not certain the place you’re getting your info, but great
    topic. I must spend some time studying much more or working out more.
    Thank you foor fantastic info I used to be on the lookout for this information for my
    mission.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here