අපේ ප්‍රජා අයිතිය නැති කරලා බලනවාකෝ, අපි නිකම් නිදාගෙන ඉදීද කියලා…….

0

හැකිනම් නීතියට පිටින් ගොස් තම ප්‍රජා අයිතිය අහෝසි කොට පෙන්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (28) ලුණුගම්වෙහෙර පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ජනාධිපතිවරයා මගේ මිත්‍රයා දැන් මොකද කියන්නේ මේ ආණ්ඩුව මේ අවුරුදු තුනේදි කෝටි ගාණක් හොරකම් කළාලු. එයාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න මිනිස්සු හොරකම් කළාලු. කෝටි ගාණක්. මොනවද අපිට හොරු කිව්වා අරක කිව්වා. මේක කිව්වා. අන්තිමට නඩු දාන්නේ මොනවටද ITNඑකට සල්ලි ගෙව්වේ නැතිලු මම. ඉතින් මම මගේ දැන්වීම් දාන්න කියලා කොයි වෙලාවකවත් කියලා නෑ. මම කිව්වා යවන්න කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි එයාගේ ප්‍රජා අයිතිය නැති කරනවා. දැන් සිරිමාවෝ මැතිණියගේ නැති කරලා මොකද වුණේ අපේ නැති කරලා බලනවාකෝ අපි නිකම් නිදාගෙන ඉදීද කියලා. මේ රටේ නීතියක් නැත්නම් නඩුකාරයෝ එයාලගේ සාකුවල දාගෙන ඉන්නවා නම්. අර ඒ කට්ටියව පත් කර ගන්න පුළුවන් මේ වැඩේට වෙනම. එහෙම නඩුකාරයෝ අපේ උසාවි වල නැහැ කියලා අපි විශ්වාස කරනවා. හොරකම් ගැන කතා කරන්න එපා මාත් එක්ක. හොරකම් කරනවා කියලා මතක් වුණාම මට මතක් වෙන්නේ හොර සල්ලි ගැන. ඉතින් මම ඒ ගැන කියන්නේ නෑ. ඒනිසා ඒවා ගැන කතා කරන්න වැඩක් නෑ.”හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here