ශ්‍රිපාදයේ යෝධ අඩිය වැඩක් නෑ…. ස්භාවික සටහනක් පමණයි..

0

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් නිවිෆෝක්මොර් වතුයායේ ශ්‍රිපාද රක්‍ෂිතයට ආසන්නයේ ගල්තලාවක් මත මතුවු පා සටහන් වල කිසිදු පුරා විද්‍යාත්මක වටිනාකමක් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පි.බි මන්ඩාවල පැවසුවා.

අප කළ විමසුමකදි මහාචාර්යවරයා කියා සිටියේ ගලේ එක ලග තිබු ස්භාවික සටහන් දෙකෙන් එකක් මත කිසියමි පිරිසක් ඇගිලි සටහන් නිර්මාණය කර ඇති බවයි.

මේ සමිබන්ධයෙන් එම ස්ථානයට ගොස් පරික්‍ෂා කළ පුරා විද්‍යා නිළධාරින් කණ්ඩායමක් තමන්ට ඒ පිළිබදව වාර්තා කර ඇති බවත් ඔහුන් ලබාදුන් ඊෙමිල් ජායාරූප ප‍්‍රවින පුරා විද්‍යාඥයන්ට පෙන්විමෙන් අනතුරුව අවසන් නිගමනයකට පැමිණීය හැකි බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

එම පා සටහන් හනුමා දෙවියන්ගේ පා සටහන් බවට වතුකමිකරුවන් විශ්වාස කරමින් මේ වන විට එම ස්ථානයේ දිවා රාත්‍රී දෙකෙහිම පුද පුජා පවත්වනු ලබන අතර එම ස්ථානය දැක බලා ගැනිම සදහා තව දුරටත් දිනපතා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා.