S.Bට එරෙහිව වතුකරය විදි බසී….

0

ලංකා කම්කරු කොංග්‍රසය මගින් සංවිධානය කර තිබූ, තලවාකැලේ නගරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (28) දා පැවති ජන හමුවකදී අමාත්‍ය එස්.බී.දිසානායක අමාත්‍යවරයා විසින් පළණි දිගම්බරන් අමාත්‍යවරයාට හා වතුකරයේ ජනතාවට අපහාසවන අන්දමින් කරන ලදැයි කියන අදහස් දැක්වීමට එරෙහිව අද (30) දා ප.ව. (05.30) ට පමණ මස්කෙළිය, සාමිමලේ නගරයේදී කම්කරු ජාතික පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙහිදී උද්ඝෝෂකයින් විසින් කියා සිටියේ, ජාතික ලැයිස්තුවෙන් පත්කළ මනත්‍රීවරයෙකු වන එස්.බී.දිසානායක අමාත්‍යවරයා ජාතික ආණ්ඩුවේ සිටිමින් පළණි දිගම්බරන් අමාත්‍යවරයාට හා කඳුකරයේ ජනතාවට අපහාස වන අන්දමින් කළ කථාව සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා හා අගමැතිවරයා වහාම පියවරක් ගතයුතු බවත්, එසේ නොමැතිනම් පැවැත්විමට නියමිත පළාත්පාලන මැතිවරණයට වඩා මෙම සිද්ධියට ප්‍රමුඛස්ථානයක් දී  තමන් කටයුතු කරන බවත්ය.

මෙම අවස්ථාවට  කම්කරු ජාතික පෙරමුණේ ප්‍රාදේශීය නායකයින්, වතු කම්කරුවන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)