කාසල්රි ජලාශයේ කාන්තා මළසිරුරක්

0

කාසල්රි ජලාශයේ වේල්ලට ආසන්නයේඅධි ආරක්‍ෂිත කලාපය තුල පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද (31.01) උදැසන සොයා ගත් බව එම ජලාශ ආරක්‍ෂක නිළධාරින් පවසනවා.එම සිරුර ජලාශ මධ්‍යයේ පාවෙමින් තිබෙන අතර එම සිරුර මීට සතියකට පමණ ප‍්‍රථම කාසල්රි ජලාශයට ආසන්නයේම පිහිටි ලෙදන්ටි වතුයායේ අතුරුදහන්ව සිටි තරුණියකගේ බවට ජලාශ භාර ආරක්‍ෂක අංශ සැකකරනවා.

මෙම තරුණිය අතුරුදහන්ව සිටින බවට එම තරුණියගේ ඥාතින් විසින් තමන් වෙත දැනුමි දුන් බවයි එම ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් කියා සිටින්නේ. සිරුර පිළිබදව හැටන් පොලිසියද පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා.