මගේ ණය…. ඔබේ සිහිනය….හැමදාම රැවටෙන්නේ නෑ….., වැරදිලාවත් කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්න එපා!

0

එක පාරක් රැවටිය හැකි වුවද බොරු චෝදනා කොට සැමදා ජනතාව රැවටිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (04) පොලොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

“අද පොලොන්නරුව කිව්වාම සමහරු හිතාගෙන හිටියා මේ අවුරුදු 3 ට සුරපුරයක් වෙලා කියලා. බලනකොට මම හදපු ටික විතරයි. මේ ලඟදි ගිහිල්ලා විවෘත කළා. ඒකට ණය ගත්තේ මම. ගත්ත ණය වලට මට ණයකාරයා කියනවා. අන්තිමට එයාගේ සිහිනය කියනවා. මම 70%ක් ඒකේ හදලාතිබුණා. පහුගිය දවස් වල දැක්කා අපි ඔක්කෝම නරකාදියට ඇදගෙන යනවාය. අවිචි මහා නරකාදියට ඇදගෙන යනකම් මට නින්ද යන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙම කලබල වෙන්න එපා ජනාධිපතිතුමා. ඔබ දැන් ජනාධිපති.”

“මෙයා දැන් කියනවා UNPඑක හොරකම් කළාලු, ඉස්සර ආණ්ඩුවත් හොරකම් කළාලු, මාසයක් යන්න ඉස්සල්ලා මගේ කැබිනට් එකක් හොරකම් කළාලු. අර කවුද කිව්වා කඩුව දාගෙන යනවා කියලා. එතුමාගේ කඩුව දෙපැත්තම කැපෙනවා. ඉතින් ඔය දෙපැත්ත කැපෙන කඩුව මහා භයානකයි ඉනේ ගහගෙන යන එක. බොරු චෝදනා කරලා හැමදාම ජනතාව රවට්ටන්න බෑ. එකපාරක් රැවටෙයි, පොල් ගෙඩියේ මිලද? හාල් ටිකේ මිලද? සීනි ටිකේ මිලද පරිප්පුවේ මිලද කියන එක මට වඩා හොදට ඔබතුමාලා දන්නව. අපි ගත්තා වගේ ණය දෙගුණයක් අරගෙන තියනවා. කරපු දැයක් නෑ. කරපු වැඩක්නෑ. ඒනිසා දැන් වැරදිලාවත් ගිහිල්ලා අර පරණ කොලේ ඉරා ගන්නේ ඇගේ හලා ගන්නේ නැතුව පොහොට්ටුව මතක තියා ගන්න නෙළුම් මල් පොහොට්ටුව,” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa