මහඇමති බලෙන් මැරකම් කරන කඳ බඩ විතරක් ඇති ඌවේ ජඩනායක……., ජනාධිපතිතුමණි කඩුව කෝ……?

0

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය බලය හිමි වන්නේ ජනතාවටය. ජනතාව විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හරහා සිය පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරනු ලබයි. පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් පත් කරන්නේ ජනතාවයි. ඒ ඔවුන්ගේ නියෝජිතයන් ලෙසිනි. ජනතාවගේ සුභසාධනය, අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනු ඇතැයි එම මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වේ. නමුත් අද වන විට එම මහජන නියෝජිතයන් එළිපිටම මහජනයා වෙනුවෙන් කටයුතු කරන ආකාරය දිහා බැලීමේදි ජනතාවගේ තීරණයේ අඩුවක් ඇති බව වටහා ගැනීමට හැකිය.

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඉතාම මෑතකාලයේ කතා බහට ලක් වන්නේ බදුල්ලේ දෙමළ භාෂා විදුහලක විදුහල්පතිනියක් දණ ගැස්වීම සම්බන්ධයෙනි. ඒ සිද්ධිය සමාජයේ මහත් ආන්දෝලනයක ලක් වූයේ පසුව පොලිසිය දඋපයෝගී කරගෙන එවන් සිදුවීමක් නොවූ බවට එම විදුහල්පතිනිය මගින්ම ප්‍රකාශ සටහන් කොට ගෙන මාධ්‍ය හරහා රටම ඇන්දීමටත්, නීතිය ඇන්දීමටත් කටයුතු කළ බැවිනි. තමා ඉදිරියේ ගුරුවරියක් දණ ගැසීම 4 පංතියට පමණක් පාසල් ගිය මහා අමාත්‍යවරයාට ආතල් කරුණක් වූ බව චාමර සම්පත් එම සිදුවීම පිළිබඳව වසාසි බස් දෙඩු ආකාරයෙන්ම පැහැදිළි වේ. “මට ඕන කෙනෙක්ව පාසලට දා ගන්න බැරි නම් මහ ඇමතිකමේ තේරුමක් නෑනේ,” මානවහිමිකම් කොමිෂන් සභා පරීශ්‍රයේ සිට මහඇමති සිය අදහස් දැක්වීම මාධ්‍යට කලේ එසේය.

ඒ ලෙසම මහ ඇමතිවරයාට උගත් බුද්ධිමත් පිරිස නුරුස්සනබව යලිත් වරක් තහවුරු වී තිබෙනවා. ඒ මීට මාස දෙකකට පමණ පෙර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හමුවීම සඳහා පළාත් සභා පරිශ්‍රය තුළට පැමිණ අවස්ථාවේදී සිදු වන සිදු වීමක් ලෙසිනි.

එහිදී එම පිරිසට සාකච්ඡාවක් සඳහා පළාත් සභා ගොඩනැගිල්ල තුළට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා උස් හඩින් කෑ ගසමින් එම පිරිසට පහර දීමට සුදානම් වන ආකාරය පෙනෙන විඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා කරලියට පැමිණ තිබෙනවා. නමුත් මෙය මැතිවරණය ඉලක්ක කරගෙන එල්ල වෙන මඩ ප්‍රහාරයක් බව පවසා සිද්ධියෙන් ගැලවි යාමට උත්සහ කරන මහ ඇමතිවරයාට ගින්නක් නැතිව දුමක් නොනගින බව පෙන්වා දීමට කැමතියි. කෙනෙක් තමන්ගේ දුර්වලතාව වසා ගන්න විවිධ දේවල් භාවිත කරන බව පැහැදිලි වන්නේ චාමර සම්පත් සිය දුර්වලතාව ලොකු බඩල් සහිත ඇගෙන් හා ඇගට හරියන කඩ හඩෙන් බව වටහා ගැනීම හරහා ය.

ජනතාවගෙන් බලය අරගෙන, ජනතාවගේ බදු මුදලෙන් පඩි ලබා ගෙන, ජනතාවගේ ප්‍රතිලාභය සඳහා වන සංවර්ධන ව්‍යාපෘති ආදි නොයෙක් ක්‍රම මගින් කොමිස් ලබා ගෙන ජීවත් වන මෙවන් දේශපාලකයින්ට දේශපාලන බලය ලබා දෙමින් ඔවුන් දිරිපත් කරන පිරිසක් පිටුපසින් සිටීම තවත් මේ අභාග්‍යය වර්ධනය වීමට හේතු වේ.එසේම මෙම සිදුවිම් දෙක දෛනිකව තමන්ගේ දහසක් ගැටලු වලට විසදුමක්  ලැබේ යැයි අභිලාෂයෙන් වාමර සම්පත් මුණ ගැසීමට එන ඌව පළාතේ අහිංසක මිනිසුන්ට ඔහු දමන පාට් වලින් අනාවරණය වූවක් පමණි.

2015 දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරව චාමර සම්පත්ට මහ ඇමතිධූරය හිමිවන්නේ එතෙක් එම ධූරය  හරීන් ප්‍රනාන්දු මහමැතිවරණයේදීන් පාර්ලිමේන්තුවට තේරි පත් වීම හේතුවෙනි. සරලව ගතහොත් චාමරට ලැබුණේ පිං මහ ඇමතිකමකි. පිං මහ ඇමතිකම ලබා ඔහු කළ ප්‍රථම කාර්යය වූයේ පළාත් සභා වේ මුදලින් සිය පෞද්ගලික අරමුදල වන ‘චාමර සම්පත් දසනායක පදනම පිහිටුවීමයි’.  එහිදි මිලිය 3.5 ක පළාත් සභාවේ මුදල් ඔහු රාජ්‍ය බැංකුවකින් රැගෙන සිය පෞද්ගලික ගිණුමේ තැන්පත් කර තිබුණි. අනික් අතට ගතහොත් 2015 සිට මේ වන තෙක් චාමර හොරා කාපු ජනතා මුදලේ ප්‍රමාණය ඔහුගේ වර්ධනය වූ කඳ කොටසේ ප්‍රමාණය මැන බැලීමෙන් වටහා ගත හැකිය.

තම සොරාකෑමේ වපරිසය වැඩි කර ගැනීමට ඌව මහ ඇමතිවරයා සිදු කළ තවත් ක්‍රියාව වූයේ ඔහුගේ හෙංචයියන් පළාත් පාලන ආයතන වලට පත් කර ගැනීමට කටයුතු කිරීමයි. ඔහු සිය බල ප්‍රදේශය වන ඇල්ල ප්‍රාදේශිය සභාව සදහා සිය තමන්ගේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සේවකයෙකු සහ ඔහුගේ රියදුරුද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇති අතර ඊට අමතරව සිය පරිසර දුෂක ගල් කැඩිමේ ව්‍යාපාරයේ ජාවාරම් කරුවන් දෙදෙනෙකුටද නාමයෝජනා ලබා දීමට කටයුතු කර ඇත. මීට අමතරව ශෙහානි බස්නායක වූ සිය බිරියටද නාම යෝජනා ලබා දීමට කටයුතු කළේ එම පරමාර්ථයෙන්මය.

එමෙන්ම ඌව පළාතේ සියළුම කොන්ත්‍රාත්කරුවන්ගෙන් කප්පම් ගැනීමට දසනායක මන්ත්‍රිවරයා කටයුතු කරන අතර එම කප්පම් ගැනීම් වලට විරුද්ධ වීම සඳහා යහපාලන සමාජයක් සඳහා වූ ඌව පළාත් එකමුතුව නමින් සංවිධානයක්ද පිහිටුවා ගෙන ඇත.

මේ සියල්ල හමුවේ සිරිසේන ජනාධිපති ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිහඩය. විදුහල්පතිනිය දණ ගැස්වූ අවස්ථාවේ තමා අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත් වීමට චාමර සම්පත්ට පැවසු බව ජනාධිපතිවරයා විසින් මැතිවරණ වේදිකවේ පවසා ගත වූයේ සතියක් වැනි කාලයකි. නමුත් විදුහල්පතිනිය ප්‍රශ්න කලේ අධ්‍යාපන ඇමති බලතල මගින් වුවත් ඇය දණ ගැස්වීමට ප්‍රධාන ඇමතිවරයා කටයුතු කළේ මහ ඇමති බලතල ඔලුවේ තබා ගෙන බවත් අපි ජනාධිපති සිරිසේනට මතක් කරන්න කැමැත්තෙමු. එමෙන්ම ඉගන ගත් පිරිසට සද්දය දැම්ම මගින් පෙනෙන්නේ තම හීනමානයදැයි මහ ඇමතිවරයාගෙනුත් විමසීමට කැමැත්තෙමු.

දඩුවම් ලබා දීමටපක්ෂයක්, පාටක්, පුද්ගලයෙක්, තරාතිරමක් තමන්ට බලපාන්නේ නැති බව පවසන ජනාධිපතිතුමණි, වහාම මේ දූෂිත බලය ඉක්මවා කටයුතු කරන මහ ඇමතිවරයාට එරෙහිව පියවර ගන්න. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවි කටයුතු කරන මාධ්‍ය ලෙස අප ඔබගෙන් ඉල්ලන්නේ එයයි. නොඑසේනම් ඔබ බලයට පැමිණීමට ලබා දුන් දහසක් යහපාලන පොරොන්දු පුස්සක් වනු නියතය.

කතෘ සටහන

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here