ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ…..හැබැයි 10 වෙනිදාට වෙනස්කම් කරනවා

1

ලබන10 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පසුව ආණ්ඩුවේ අවශ්‍ය වෙනස්කම් තමන් සිදු කිරීමට බලාපොරොත්තුවන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඊයේ(04) පොළොන්නරුව තමාළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“මහින්ද රාජපක්ෂ මහතා පත් කරලා තානාපති හැටියට අර රුසියාවේ හිටපු එක්කෙනා දැන් අද ඩුබායි වලදී අත් අඩංගුවට ගත්තා. තමුන්නාන්සේලා දන්නවා ඇති, දැන් ඒ ගොල්ලෝ පොළොන්නරුවටත් ආවා මම හිතන්නේ. ඒගොල්ලෝ කියනවා, මේ ආණ්ඩුවට විරුද්ධව මේ මැතිවරණයේ දී ඡන්දය දෙන්න කියලා. මේ පෙබරවාරි 10වෙනිදා ඒ රටේ තියෙන මේ ඡන්දයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්න කියලා, මේ ආණ්ඩුව වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නෑ. මේක ප්‍රාදේශිය සභා ඡන්දය. ජනාධිපති තනතුර වෙනස් වෙනවද, නෑ. ප්‍රාදේශිය සභාවක් පත්වෙනවා. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නොත් පත්වෙන අයට ඊළඟට වැඩ කරන්න ප්‍රශ්නයක් එනවා, ආණ්ඩුවේ අය නොවන නිසා. එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. කෙළින්ම අපිට භාණ්ඩාගාරයෙන් සල්ලි දීලා ප්‍රාදේශිය සභාවට ඒ වැඩ ටික කරන්න පුළුවන්. තමුන්නාන්සේලා අපි ඉදිරිපත් කරන අපේක්ෂක මහත්ම මහත්මීන්ට ඡන්දය දුන්නාම. ආණ්ඩුවේ කරන්න තියෙන වෙනස්කම් මම කරනවා 10 වෙනිදායින් පස්සේ. ඒ වෙනස්කම් කරනවා මම. හැබැයි ඒ වෙනස්කම් කළාට මම හොරු , දූෂිතයෝ,වංචාකාරයෝ, ඒගොල්ලන්ට මම ඉඩක් තියන්නේ නෑ.”

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here