2020 තනි ආණ්ඩුවක් හදන්න නගරේ බලය අපිට දෙන්න!

0

ලංකාව විශාල කර්මාන්ත පුරයක් බවට පැම්කිරීමෙන් පසුව අනාගතයේදි ලංකාවට පැමිණෙන සංචාරකයින් පිරිස දෙගුණයක් කිරීමේ වැඩ පිළිවෙළක් තම රජය සතු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (04) දඹුල්ල නගරයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ 2020 දි බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වන බවයි.

එහිදි අදහස් දැක්වු අගමැතිවරයා,

“අලුත් සංවර්ධනයක් අපි පටන් අරන් තියෙනවා. සම්පූර්ණයෙන් ලංකාවේ විශාල කර්මාන්තකරණයක් ඇති කරන්න. සංචාරකයන් ගණන දෙගුණයක් කරන්න.එතනින් ඉවර කරන්නේ නෑ, දෙවන අදියරේ වැදගත් නගරයක් වෙන්නේ දඹුල්ල කියලා මං කියන්න කැමතියි. දැන් ත්‍රිකුණාමලයේ ඉඳලා දඹුල්ල පාරත් දෙවෙනි අදියර විදියට දියුණු කරන්න ඕනේ. දඹුල්ල හැදුවම ත්‍රිකුණාමල වරාය දැන් ආර්ථික කලාපයක් හැටියට දැන් සකස් කරගෙන යනවා.කවුද කරන්නේ, සිංගප්පූරු සමාගමක්. සිංගප්පූරුව, ඉන්දියාව, ජපානය, ලංකාව එකතුවෙලා හොඳ ත්‍රිකුණාමලයේ දාන්න යනවා. කර්මාන්ත කලාපයක් දාන්න යනවා. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණු කරනවා. එතකොට මේ මැද ඉන්නේ කොයි නගරෙද? කවුද කිව්වා බදුල්ල කියලා. ආ…. දඹුල්ල. අන්න හරි මං ඇහුවේ පොඩ්ඩක් එන ගමන් ගහන්න ඇති බදුල්ල කියන්න. අවුරුදු 10ක් මේගොල්ලෝ අතේ තිබිලා මුකුත් කළේ නෑනේ. මොනාද කළේ අවුරුදු 10ක්? 77 ඉඳලා 94 වෙනකන් දඹුල්ල දියුණු කළාට පස්සේ මොකක්ද වුණේ? මීටත් වඩා ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් කරන්න. අද හැමෝම එන්නේ සීගිරියට යන්න. ඒත් අලුත් වැඩසටහන් කීපයක් මේ වටේ තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේක අමතක කරලා නෑ. දඹුල්ල මහ නගර සැළැස්ම වුවමනාද? හරි අපි ඒක කරලා දෙන්නම්. මට එක්සත් ජාතික පක්ෂයේ නගර ආණ්ඩුව දෙන්න.”
Ranil Wickremesinghe