අනුන්ට හොරා කියලා කෑගහන්නේ තමන්ගේ හොරකම වහගන්න….., අපේ ඉවසීමෙත් සීමාවක් තියනවා…..

2

අපහාස කිරීමට අකමැති නමුත් තමන් ඇතුළු පිරිසට ඉවසීමේ සීමාවක් ඇති බව හිටපු ජනාධිපතිවරයා තිරප්පනේ ජන රැලියකට සහභාගි වෙමින් පවසා සිටියා.

“පොළොන්නරුවේ යන ගමන් සෙනග දැක්කා. සෙනග දැක්ක නිසා මම බැස්සා. අපි පැහැදිලිව අපි ගත්ත ණය වලට යාපනේ කන්කසන්තුරේ ඉඳලා හම්බන්තොට දක්වා තියෙනවා වැඩ කරපුවා. හැබැයි මෙයාලා ගත්ත ණය, මන් ගත්ත ණය වගේ දෙගුණයක් අරගෙන තියෙනවා. අරගෙන තියෙන ණය වලට කරපු දෙයක් නෑ. හැබැයි මහබැංකුවේ සල්ලි ටික හොරකම් කරපු හින්දා අද කොමිසමක් දාලා දැන් ඒ කට්ටිය අද හෙට ටික දවසකට යයි. හැබැයි ඒක පොඩ්ඩක් බාල්දු කරන්න තවත් එකක් දැම්මා මේ අපිට විරුද්ධව. දැන් කියනවා මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතියත් අපි නැති කරනවලු. කරලා බලමුකෝ. මම වාර්තාව කියෙව්වේ නෑ තවම. බලපු අය කියනවා ඔබතුමාට තියෙන චෝදනාව මේකට සභාපතිවරයෙක් පත් කිරීම. ඒ හින්දා ඔබ අනුබල දුන්නාය. අර මහ බැංකු කොල්ලයේ පත්වීම දුන්නෙත් ජනාධිපති සිරිසේන. එතකොට එයත් වග කියනවද? වීදුරු ගෙවල් වල ඉදල ගල් ගහනකොට අපෙත් සීමාවක් තියෙනවා අපිත් ඉවසලා ඉන්න. අපහාස කරන්න අපහාස කරන්න අපි අපහාස කරන්න කැමති නෑ. ඕනවට වඩා අරූ හොරා, මූ හොරා කියලා කෑගහන අය තමන්ගේ හොරකම වහගන්න තමයි  එහෙම කෑගහන්නේ.” හිටපු ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර සිටියා.
Mahinda Rajapaksa

2 COMMENTS

  1. I blog often and I seriously thank you for your information.

    Your article has really peaked my interest. I’m going to bookmark your website and keep

    checking for new information about once a week. I subscribed to your Feed as well.

Comments are closed.