වතුකරයේ එජාප ඡන්ද කඩන්න ඇලෝසියස්ව විකුණලා…

0

අර්ජුන ඇලෝසියස්ව සැකපිට අත්අඩංගුවට ගැනිමේ සිද්ධිය පදනමි කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය වටා සිටින වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගැනිමේ කුමන්ත‍්‍රණයක වතුකරයේ ඇතැමි දේශපාලඥයන් ක්‍රියා කරමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා ක්‍රිෂන්න අද (05.02) පස්වරුවේ හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා කියා සිටියේ වතුකරයේ ඇතැමි දේශපාඥයන් එක්සත් ජාතික පක්ෂය ලබන අතිවිශිෂ්ඨ ජයග‍්‍රහනය ඉවසා ගත නොහැකිව අර්ජුන් ඇලෝසියස් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ රටේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල වංචා කිරිම සමිබන්ධයෙන් බවට වතුකමිකරුවන් අතර බොරු ප‍්‍රචාරයක් පතුරවා හැරිමෙන් බවය.

මෙම ප‍්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මේ රට තුල සේවක අර්ථසාධක අරමුදලට හෝ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට කිසිදු අයෙකුට වංචාවක් සිදුකළ නොහැකි බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදි වැඩඩිදුරටත් කියා සිටියා.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පළාත් පාලන ආයතන දොළහකම බලය එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නා බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරට කියා සිටියා.

රංජිත් රාජපක්ෂ – හැටන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here