මහින්ද ඇත්තටම හොරා කෑවා නම් ආණ්ඩුවේ උන් මාංචුත් අරන් ගෙට රිංගලා…….අවුරුදු 3ක් කළේ හොර වැඩ හෙව්ව එක…..!

0

ගත වූ අවුරුදු තුන පුරාම ආණ්ඩුව සිදු කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හොරෙක් කිරීමට අවශ්‍ය සාධක සෙවිම වුවත් අද වන විට ආණ්ඩුව විසින්ම පත් අරනු ලැබූ කොමිසම් හරහා හිටපු ජනාධිපතිවරයාගේ නිර්දෝෂිභාවය ඔප්පු වී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඊයේ (05) වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“රටක් දිනවපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගහ ගහ රාජිතයා අද දහස් ගණනක් මරනවා ඩෙංගු වලින්. කිසි වැඩ පිළිවෙළක් නෑ. උදේ ඉඳලා කරන්නේ මහින්ද මහත්තයාට මඩ ගහන එක. රාජිතට අපි කියනවා ලෑස්තිවෙලා ඉන්න මේ කරන අපරාධ වලට වන්දි ගෙවන්න. බෙහෙත් වලින් හොරා කකා මහින්ද මහත්තයාට පහර ගහනවා. මහින්ද මහත්තයා හොරෙක් නෙමෙයි අම්මේ තාත්තේ. මහින්ද මහත්තයා මේ රටට වැඩ කරපු නායකයෙක්.”

“අවුරුදු තුනක් හෙව්වා මහින්ද මහත්තයා ගැන. මහින්ද මහත්තයා හොරකම් කරලා තිබ්බා නම් මුන් මාංචු අරන් ගෙදර ඇතුලට ඇවිල්ලා. මුන් හෙව්වා හෙව්වා කිසි දෙයක් හොයා ගන්න බැරි වුණා. මුන් කියපු සියළු කරුණු අවුරුදු තුනක් යද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා පිරිසිදු නායකයෙක් කියන එක මුන් පත් කරපු කොමිසම් හරහා ම අද ඔප්පු වෙලා තියනවා. ” මන්ත්‍රිවරයා සඳහන් කළා.

Johnston Fernando

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here