හොරකම් කරලා…වංචා කරලා මහින්ද වාර්තාවක් තිබ්බා…..!

0

ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් බරපතළ දුෂණ විභාග කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ වරදකරු වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම අවස්ථාව හිමි කරගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසා සිටිනවා.

අද (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ තිබු මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම තුළින් ලසන්ත ඝාතනයේ තොරතුරු ද හෙළි විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීම දුෂණ විරෝධී සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

රටේ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ වාසගම අනුව නොව සියලු දෙනාට එක හා සමානව බවත් නීතිපතිවරයාගෙන් වගකීමෙන් යුතුව වරදකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

Ajith Perera