කම්මැලිකමට ඉන්න එපා……, රට ජාතිය රැක ගන්න ඡන්දය පාවිච්චි කරන්න

0

පෙබරවාරි 10 වෙනිදාට කම්මැලි කමට ඡන්දය පාව්ච්චි කිරීම අත නොහැර රට වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (06) මහනුවරදි පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපිටම බැනලා අපිටම දොස් කියලා අපේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා නැති කරනවා කියනවා. හැබැයි පුතෝ ටිකක් අමාරු වෙයි මේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා මම පැහැදිළිව කියනවා රනිල් ට. ඒක හීනයක් විතරයි. ඒ නිසා සහෝදරයා සහෝදරිය එදාට දෙන ඡන්දය අපිට අම්පාරේ යන්න කම්මැලියි කියලා කොළඹට වෙලා ඉන්න දෙන්න එපා ඥාතින්ට. ඡන්දය පාවිච්චි කරන්න කියන්න රට වෙනුවෙන් පාවිච්චි කරන්න කියන්න. ජාතිය වෙනුවෙන් පාවිච්චි කරන්න කියන්න. මේ රට ජාතිය රැක ගන්න පාවිච්චි කරන්න කියන්න.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here