සෙල්ලම් දාපු අය ඔක්කෝම දොට්ට…..10 වෙනිදාට අලුත් ආණ්ඩුවක්…!

0

අලුත් හොරුයි පරණ හොරුයි අතර නිහඩ එකඟතාවයක් ඇති වී ඇති බවත්, එම හේතුව නිසාම හොරු පරාජය කරවීමට බුලත් කොළය දිනවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විරකුමාර දිසානායක පවසනවා.

“කසුන් පලිසේනයි අර්ජුන් ඇලෝසියස්වයි අත්තඩංගුවට ගත්තා. දැන් ඒගොල්ලෝ CIDඑකේ කට උත්තර දුන්නා. ඒ කට උත්තරය ඇතුළේ තියෙයි රවි කරුණානායකගේ නම, සූජීව සේනසිංහගේ නම, අජිත් පී පෙරේරා ගේ නම, රෝසි සේනානායකගේ නම් ඒ වගේම අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම අනිවාර්යෙන්ම තියනවා. ඒ වගේම අපි තමුන්නාන්සේලාට කියනවා 10 වෙනිදායින් පස්සේ මේ ආණ්ඩුවේ සෙල්ලම් දාපු අයයි අනිත් සියළු දෙනායි එළියට දාලා අලුත් ආණ්ඩුවක් හදනවා.”

“බැදුම්කර කොමිෂන් වාර්තාවයි, බරපතළ වංචා පිළිබඳ කොමිෂන් වාර්තාවයි මේ දෙකම අද පාර්ලිමේන්තුවට දැම්මා. දැන් මොකද වෙලා තියෙන්නේ? කට්ටිය බලාගෙන හිටියේ අර බළල්ලු දෙන්නා මල්ලට දැම්මම කාගෙන කාගෙන ගිහිල්ලා නැටි දෙක ඉතුරුවෙයි කියලා. මේක එහෙම වුණේ නෑ. මල්ල ඇරපු ගමන් බළල්ලු දෙන්නම පැනලා ගියා. බළල්ලු සංහිඳියාවක් ඇති කරනවා. මං දැක්කා මහත්තුරු ගොඩාක් මරාගෙන මැරෙන්න හැදුවා ඇලෝසියස්ලව අත් අඩංගුවට ගත්තා, මේ මදි තව කරන්න ඕනේ කියලා. අද පාර්ලිමේන්තුවට වාර්තාව දැම්මම එකෙක්වත් නෑ මරාගෙන මැරෙන්න පාර්ලිමේන්තුවේ. හොරුන්ගේ නිහඬ එකඟතාවය මේ බොරුව හෙළිදරව් කරන්න, 10වෙනිදට බුලත් කොළේ ලකුණ දිනවන්න, ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න පෙළ ගැහෙන්න.” මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කර සිටියා.