උදයාංග අපේ පුරවැසියෙක්…අපිට භාර දෙන්න….යුක්ක්‍රේනය ඉල්ලයි

0

යුක්ක්‍රේනයේ පුරවැසි බව හිමි හිටපු තනාපති උදයාංග වීරතුංගව  සිය රට වෙත භාර දීමට කටයුතු කරන ලෙස යුක්ක්‍රේන රජය විසින් අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

උදයංග වීරතුංග පසුගිය 4 වෙනිදා ඩුබායි ආගමන නිලධාරින් විසින් අත්තඩංගුවට ගනු ලැබුවේ අවලංගු රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයකින් ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙනි.

පසුගිය රජය සමයේ සිදු මිග් ගණුදෙනුවේදිඔ මහජන් මුදල් අවභාවිතය යන චෝදනාව මත හිටපු තනාපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මකට ඔහුව සොයමින් සිටියද ඔහු රටින් පිටවි සිටිනු ලැබිය. පසුව ඉන්ටර්පෝල් වෙත උදයංග වීරතුග අත්තඩංගුවට ගැනීමට අවශ්‍ය රතු වරෙන්තුවක් නිකුත් කරනු ලැබූ බව පැවසුවද එය නිල් වරෙන්තුවක් බවයි අප වෙත වාර්තා වන්නේ. එම නිල් වරෙන්තුව මගින් හැකියාව ලැබෙන්නේ යම් පුද්ගලයෙකු අපරාධ වරදකට සම්බන්ධ විට ඔහුගේ අනන්‍යතාව, වාසය කරන ප්‍රදේශ හා ක්‍රියාකාරකම් ආදි අතිරේක තොරතුරු ලබා ගැනීමට පමණකි.

එම හේතුව නිසා තම පුරවැසියා නැවත තම රටට බාරදීමට කටයුතු කරන ලෙසයි යුක්ක්‍රේන රජය විසින් දන්වා ඇත්තේ.

මේ අතර උදයංග වීරතුංගව නැවත ලංකාවට ගෙන ඒම සඳහා නිලධාරින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද ඩුබායි බලා පිටත්ව යාමටද නියමිත විය.

Udayanga Weeratunga