ඡන්දේ අස්සේ හොඳ හොද සෙල්ලම්…….ලසන්ත ඝාතන සැකකරුවන් දෙදෙනෙක් ලඟදීම ඇතුලට

0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (06) කුරුණෑගල පැවති ජන රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික්ෂණ සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. ඒ අනුව සැකකරුවන් හදුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මෙම පරීක්ෂණ නිසි පරිදි සිදුවීම නිසයි හිටපු ජනාධිපතිවරයා ප්‍රාදේශිය සභාවෙන් ප්‍රාදේශිය සභාවට ගොස් රජය පෙරලා දැමීමට උත්සාහ කරන්නේ. කවුරු මොනව කිවුවත් මෙම රජය වසර 2020 දක්වා ඉදිරියට ගමන් කරනවා. ඉන් පසු පැවැත්වෙන මැතිවරණය ජයගෙන වසර 2025 දක්වා ද ඉදිරියට ගමන් කරනවා.”

“හොරකම් වලින් දුෂිත ඒකාද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් ප්‍රකාශ කරනවා අපට ජම්පර් අන්දනවා කියලා. නමුත් එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ එක දුෂණයක් මම හෙළිදරවු කරන්නම්. නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගනිමින් තම සහෝදරියගේ දරුවෙකුගේ මංගල උත්සවය හෝටල් සංකීර්ණයක පවත්වා තිබෙනවා. මෙය මහජන මුදල් ගසාකෑමක්. මේ පිළිබදව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමෙන්තුවේ අදහස් දක්වන විට එම මන්ත්‍රීවරයා ලැඡ්ඡාවට පැමිණ සිටියේ නැහැ. එම නිසා මම කියන්න කැමැතියි අපට ජම්පර් අන්දන්න ඉස්සෙල්ලා එයාට ජම්පර් අදින්න වෙයි කියලා.”

“හිටපු ජනපති කියනවා බේරුවල දිනනවාලු. බේරුවල රාජිත පරද්දනවට ඔබලා ලැස්ති ද. මේක හොර පාරේ ඔහුට දෙන්න ලෑස්ති ද. ලැඡ්ඡාවට පෙට්ටියක් උස්සන් ඇවිත් තිබෙනවා. ඒ පෙට්ටිය අස්සේ ඉන්නේ හිටපු ජනාධිපතිවරයා. පෙටිටියේ දොර ඇරියම ඇතුලේ ඉන්නේ එතුමන්ලා. එයාට කියන්න හිටපු ජනපතිව මෑතක දී හම්බවුනේ නෑ කියලා සහ දුරකථන සංවාද 25 සිදු කළේ නෑ කියලා කුරාණේ අත තියලා දිවුරන්න කියලා. අපි ඔක්කොම කාඩි එළියේ දාලා ගහන්නේ. කාඩි හංගලා ගහන්නේ නෑ. මෙයාලට බලුකම කරන්නත් ඕනි. කරන්නත් ලැඡ්ජයි. තමුන්නාන්සේලාගේ ඡන්දත් ඕන. හිටපු ජනපති එක්ක ඉන්නත් ඕන. ලගින්නත් ඕන. මෙතනයි පැටලිල්ල. මේක වෙන කාගෙවත් නෙවෙයි තමුන්නාන්සේලාගේ ප්‍රශ්නයක්. ගියසැරේ බේරුවල වැඩි ඡන්ද 3000 කින් දින්නේ මේ පාර 6000 කින් දිනන්න ඕන. මොකද ජාතික ප්‍රශ්නය පිළිබදව මම එදාට වඩා නිවැරදි තැනක, පක්ෂයක අද ඉන්නේ. මම ඉන්නේ ජාතිවාදයට විරුද්ද පක්ෂයක. එදා හිටියේ ජාතිවාදය කරපින්නගෙන හිටපු පක්ෂයක. එදාට වඩා අද ගමන් මග පිරිසිදුයි. සියලු ජාතින්ට එක හා සමාන අයිතිවාසිකම් තියෙන රටක් නිර්මාණය කිරීමටයි මේ ගමන යන්නේ. ඒ ගමන මහින්ද එක්ක යන්න පුලුවන් ද. මුදල් වලට ඡන්ද අරගෙන ජනමතය වෙනස් කරන වැඩපිළිවෙල නවත්වන්න. මුස්ලිම් තරුණයින්ගෙන් ඉල්ලන්නේ මේ කැත දේපාලනය තමුන්නාන්සේලාගේ ඉදිරි පරම්පරාවට ගෙනියන්න ඉඩ දෙන්න එපා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුදල් වලට යට කරන්න දෙන්න එපා.”

Rajitha Senaratne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here