හොරු රකින සන්ධානයකින් රනිල් බැසිල් පූට්ටුව එළියට…..මෛත්‍රිව ඝාතනය කරලා හරි වැඩේ ගොඩ දානවා

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජීවිත තර්ජනයක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සඳහන් කරනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද හොරුන්ට විරුද්ධව හොරු හොරු එකතු වෙලා. කොන්දේසි නෑ. පහුගිය දවස්වල බැසිල් රාජපක්ෂ මහත්තයා හම්බ වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල ඇමතිවරයෙක්. දකුණු පළාතේ ප්‍රභල ඇමතිවරයෙක්. හම්බවෙලා මොකද්ද කතාව, අනිත් එක්කෙනා අර කඳ බඩ තියන හාදයා ගම්පහ ඉන්න ශ්‍රි ලංකා එකට නිතරම බනින ප්‍රසන්න රණතුංග හම්බවෙනවා යූ එන් පී නායකයෙක්. හම්බ වෙලා මොකද්ද කියන්නේ. දෙගොල්ලෝම එකම කතාව කියන්නේ. මොකද්ද? මෛත්‍රීයා දිනුවත් අපි දෙගොල්ලන්ටම කෙලවෙනවා. මේ ඡන්දෙන් අපි දෙගොල්ලන්ටම ගහනවා. අපේ හොරකම් ඔක්කෝම අල්ලනවා. අපිට හිරේ යන්න වෙනවා. ඒනිසා කොහොම හරි මෛත්‍රිව වට්ටන්න ඕන. ඒ වට්ටන්න්නේ කොහොමද? එකක් ඝාතනය ගැන කතා වෙලා තියනවා කියලා අපිට ආරංචියි. ඒක හරියටම පැහැදිළි නැති නිසා අපිට පොලිසියේ පැමිණිලි දාන්න බෑ. හැබැයි එතුමාගේ ජීවිතයට අනතුරක් තියන බව අපි දන්නවා.”

“අනිත් පැත්තට කතා කරනවා මේ ශ්‍රි ලංකා එක වට්ටලා, ශෙඉ ලංකා එක ඡන්දෙන් දණ ගස්සලා, අපි නැගිටලා මේ කරන වැඩේ නතර කරමු කියලා. හොදයි නේද සන්ධානේ. එතකොට අපේ සන්ධානේ කොහොමද? එහේ සන්ධානේ කොහොමද? ඒ සන්ධානේ තමයි හොරු ආරක්ෂා කිරීමේ සන්ධානය. ඒකට පක්ෂ භේද නෑ. ඒකට පාට භේද නෑ. අද ඒක හොදට පේනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.