පෙබරවාරි 10 පස්සේ මෛත්‍රීට තිත…..!

0

මෛත්‍රීපාල සිරිසේන නාමය ඉතිහාසයේ ලියැවෙන්නේ සුපිරිසිදු චාරිතයක් ලෙස නොවන බවත් ජනාධිපති මෛත්‍රීගෙන් රටට වැඩක් මෙන්ම ගමට වැඩක් නොවු බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

පොළොන්නරුවේ දි ඇවති ජන රැලියකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“වත්මන් ජනාධිපතිට බලයේ ඉන්න ඇත්තේ තවත් මාස 18ක් වැනි සුළු කාලයක් පමණයි. ඉන් පස්සෙ එයා ඉවරයි. මන්ත‍්‍රීවරයෙක්වත් නොවෙයි. හිටපු ජනාධිපතිවරයා නම්    ජනාධිපතිවරණයෙන් පැරදිලා පස්සෙ මන්ත‍්‍රී කෙනෙක් වෙලා හරි පාර්ලිමේන්තු ආවා. මෛත‍්‍රීපාල මහත්තයගේ කාලෙ ඉවර වෙනකොට එතන තිතක්ම තමයි.එතුමගෙ නම ලියවෙන්නෙ සුපිරිසිදු චරියක් ලෙස නොවෙයි. ගමට වැඩක් වුනෙත් නෑ. රටට වැඩක් වුනෙත් නෑ.”රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.