අපේ කාලයේ එල්ටීටීඊ හිතවාදින්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ…!

0

තම පාලන සමය තුළදි කිසි විටකත් එල්ටීටීඊ සංවිධානයට දේශියව හෝ විදේශිය ලෙස හෝ හිස එසවීමට අවස්ථාව හිමි කර නොදුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (07) කුරුණෑගල පැවති ජන රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද මොනතරම් ශක්තිමත් වෙලා තියෙනවාද කියලා බැලුවොත් කොටි, නිදහස් දවසේ එංගලන්තයේ තානාපති කාර්යාලයට ගිහිල්ලා, තානාපති කාර්යාලය ඉදිරිපිට කොටි කොඩිය උස්සලා නිදහසට විරුද්ධව ප්‍රකාශ කරන කොට කෑගහන කොට, හමුදා නිළධාරියෙක් ඒකේ සේවය කරන සිංහයා පෙන්නුවා කියලා තමන්ගේ යුනිෆෝම් එකේ ගහලා තියෙන, ඊළඟට හදිසියේ බෙල්ල කහන කොට බෙල්ල කැහුවයි කියලා. දැන් මං මෙහෙම බෙල්ල කැහුවොත් ඒකෙන් කියන්නේ මං ඔයාලගේ බෙල්ල කපනවා කියන එකද? නෑනේ, ඒක කලයි කියලා කිසි පරීක්ෂණයක් නැතුව වැඩ තහනම් කළා. දැන් මේ ආණ්ඩුව මොකක්ද මේ කරන්නේ? හමුද නිළධාරියෙක් වශයෙන්, යුද්ධයට සම්බන්ධ වෙච්ච කෙනෙක් වශයෙන් කොටි ඇවිල්ලා නිදහස් දවසේ තමන්ගේ රට බාල්දු කරනකොට ඔහුට වෙන මොනවාද කරන්න කියන්නේ? සිංහයා පෙන්නන්නේ නැතුව අනිකන් ඉන්න යෑ. රටේ ලාංඡනය. දැන් ඒක එංගලන්තයේ පාර්ලිමේන්තුවේ කතා කරලා, ඔහුව නෙරපන්න කියලා. ලංකාවට වහාම යවන්න කියලා යෝජනා සම්මත කර ගන්නවා. අපි අවුරුදු 9ක් හිටියා. කොටින්ට එහෙම ශක්තියක් තිබුණේ නෑ. ලංකාවේ විතරක් නෙවෙයි එංගලන්තෙ තිබුණෙත් නෑ.”

“මේ වැඩ තහනම් කිරීම කළේ කවුරු සන්තෝස කරන්න ද? එල්ටීටීඊ හිතවාදීන් සන්තෝස කරන්න. එල්ටීටීඊ ඩයස්පෝරාව සන්තෝස කරන්න. මේ රටේ දෙමළ ජනතාව මම හිතන්නේ නෑ ඒවට කැමති වෙයි කියලා.”හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

Mahinda Rajapaksa